Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දුලානී පල්ලිකොන්දගේ තැබූ අනගි උත්සාහක දිනුම් ද්විත්වය මත කොළඹ පැරැණි තුරග තරග පිටියේදී පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවේ මූලික වටයේ අවසන් තරගයෙන් සිංගප්පූරුව පරදවා ලකුණු 15-5 ක ජයක් වාර්තා කිරීමට ශී‍්‍ර ලංකා කාන්තා රග්බි පිල සමත්විය. අද අවසන් වූ මූලික වටයේ තරගවලින් ශී‍්‍ර ලංකා කී‍්‍රඩිකාවන් ලැබූ එකම ජයග‍්‍රහණය ද එය විය.
ශී‍්‍ර ලංකාව ලැබූ ලකුණු සංඛ්‍යාවට උත්සාහක දිනුම් තුනක් ඇතුළත් වූ අතර සිංගප්පූරුවට ලබාගත හැකිවූයේ උත්සාහක දිනුමක් පමණි.
මේ ජයග‍්‍රහණයත් සමග ‘සී‘ කාණඩයේ මූලික තරග වටය නිමාවනවිට ප‍්‍රසාද ලකුණු 5 ක් ලබා තුන්වැනි තැන ලබාගැනීමට ශී‍්‍ර ලංකා කාන්තා පිල සමත්විය. ඒ අනුව ඔවුන් හෙට (16) දහවල් 12.45 ට ඉන්දියාව සමග පිළිමළුන් පිටුදැකීමේ අවසන් පූර්ව වටයේ තරග වැදීමට නියමිතය.
අද පැවැති මූලික වටයේ අවසන් තරගයේ සිවුවැනි මිනිත්තුවේ දී උත්සාහක දිනුමක් වාර්තා කරමින් සිංගප්පූරුවට පෙරමුණ ගෙනදීමට ටී ටවුසොසි සමත්වූවාය. එහෙත් ඊට මිනිත්තු කිහිපයකට පසුව අනූෂා අත්තනායක තැබූ උත්සාහක දිනුමෙන් ලකුණු සංඛ්‍යාව 5-5 කින් සමකර ගත් ශී‍්‍ර ලංකා කාන්තා රග්බි පිලට පළමු භාගය නිමාවීමට පෙර උත්සාහක දිනුමක් ගෙන දුන් දුලානී පල්ලිකොන්දගේ ලකුණු 10-5 කින් ශී‍්‍ර ලංකා පිල ඉදිරියට ගෙන ගියේය.
දුලානී පල්ලිකොන්දගේ දෙවැනි භාගයේ දී තැබූ දෙවැනි උත්සාහක දිනුමෙන් ශී‍්‍ර ලංකා පිලේ ජය තහවුරු කෙරිණි.
-066
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.