Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
උත්සාහක දිනුම් වැස්සකින් ඩී.එස්.සේනානායක විදුහල් පිල තෙමා දැමූ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් කණ්ඩායම අන්තර් පාසල් පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ පළමු කාණ්ඩයේ ‘බී‘ කොටසේ එකම අපරාජිත කණ්ඩායම ලෙස පළමු වටය නිමා කළේය. තරගයෙන් ශාන්ත පීතර විදුහල් පිල ජය ලැබුවේ ලකුණු 43-7 ක් ලෙසිනි.
හැව්ලොක් පිටියේ ඊයේ පස්වරුවේ පැවැති මේ තරගය එහෙම පිටින්ම තනි පැත්තක තරගයක් බවට පත්වූ අතර හිතේ හැටියට උත්සාහක දිනුම් රැස් කළ ශාන්ත පීතර විදුහල් ක්‍රීඩකයෝ කුසලාන වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් අතර දෙවැනි ස්ථානය අත්කර ගත්තේය. පරාජිත ඩී.එස්. විදුහල් පිල පලඟ ශූරතා වටයට එක්විය.
තරගයේ පස්වැනි මිනිත්තුවේදී ශාන්ත පීතර විදුහලේ ක්‍රීඩකයන් අන්දමන්ද කරමින් ගෝලයක් රැස් කිරීමට ඩී.එස්. විදුහල් පිල සමත්වූවත් ඉන් පසුව ඔවුන්ට කිසිදු ලකුණක් ලැබීමට ශාන්ත පීතර විදුහල් පිල ඉඩ තැබුවේ නැත.
ඩී.එස්. පිල වෙනුවෙන් ඒ උත්සාහක දිනුම තැබුවේ චානක ශෙසාන්ය. දිනූෂ හේමසිරි විසින් එය ගෝලයක් බවට ප්‍රවර්තනය කිරීමෙන් ආරම්භයේදීම ලකුණු 7-0කින් පෙරමුණ ගැනීමට ඩී.එස්.පිල සමත්විය. එහෙත් ඉන් අනතුරුව මිනිත්තු අටක් ඇතුළත උත්සාහක දිනුම් 3 ක්ම රැස් කරමින් තරගයේ පෙරමුණ ගැනීමට ශාන්ත පීතර විදුහල් පිල සමත්විය.
පිට පිට උත්සාහක දිනුම් දෙකක්ම තැබුවේ ස්ක්‍රම් හාෆ් ක්‍රීඩක ජේසන් කරුණාරත්නය. ඒ දෙකම ගෝල බවට ප්‍රවර්තනය කළ ශෙහාන් ලියනපතිරණ ඊට මිනිත්තු කිහිපයකට පසුව විශිෂ්ට උත්සාහක දිනුමක් තබමින් ශාන්ත පිතර විදුහල් පිලේ ලකුණු සංඛ්‍යාව 19-7කින් ඉදිිරියට ගෙන ගියේය.
අනතුරුව පළමු භාගය නිමාවට පෙර රුක්ෂාන් මධුසංඛ තැබූ අගනා උත්සාහක දිනුම ගෝලයක් බවට ප්‍රවර්තනය කළ ලියනපතිරණ ශාන්ත පීතර විදුහල් පිල ලකුණු 26-7කින් ඉහළට ඔසවා තැබුවේය.
දැඩි පීඩනයකට ඇද වැටී සිටි ඩී.එස්.පිල දෙවැනි භාගයේදී තව තවත් තද කළ ශාන්ත පීතර විදුහල් පිල උත්සාහක දිනුම් 3කින් දෙවැනි භාගය වර්ණවත් කළේය.
දෙවැනි භාගය ආරම්භයේදී රුක්ෂාන් මධුසංඛ සිය දෙවැනි උත්සාහක දිනුම තැබූ අතර ඩිල්ෂාන් මධුසංඛ පිට පිට උත්සාහක දිනුම් 2ක්ම තැබුවේය.
ශාන්ත පීතර විදුහල - ලකුණු 43 යි
■ උත්සාහක දිනුම්
ජේසන් කරුණාරත්න 2 යි, රුක්ෂාන් මධුසංඛ 2 යි, ඩිල්ෂාන් මධුසංඛ 2 යි, ශෙහාන් ලියනපතිරණ 1යි
■ ප්‍රවර්තන
ශෙහාන් ලියනපතිරණ 4 යි
ඩී.එස්. සේනානායක විදුහල - ලකුණු 7 යි
■ උත්සාහක දිනුම්
චානක ශෙසාන් 1යි
■ ප්‍රවර්තන
දිනූෂ හේමසිරි 1 යි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.