Last Update  :  2024-11-24 21:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner පීතරයෝත් අවසන් පූර්ව වටයට එති

පීතරයෝත් අවසන් පූර්ව වටයට එති

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකිමේ තරගාවලියේ කොළඹ ශාන්ත පීතර හා මහනුවර ශාන්ත අන්තෝනි විදුහල් අතර අද (18 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 39-12ක් ලෙස ජයගත් ශාන්ත පීතර විද්‍යාලය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය. මෙම තරගය රාජකීය විද්‍යාල ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණ.

ශාන්ත පීතර විද්‍යාලයේ ලියනපතිරණගේ පා පහරින් ආරම්භ කරන ලද මෙම තරගය ආරම්භ වී මිනිත්තු 5ක් යාමට මත්තෙන් ශාන්ත අන්තෝනි විද්‍යාලයට ලබාදුන් දඬුවම් පහර සාර්ථක කර ගැනීමට ඔවුන්ට හැකියාවක් නොලැබුණි. අනතුරුව මිනිත්තුවක් යාමටත් මත්තෙන් තරගයේ 6වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ ශාන්ත පීතර විද්‍යාලයේ ආර්. මධුෂංක ලබාගත් උත්සාහක දිනුම ගෝලයක් බවට ප්‍රවර්තනය කිරීමට ලියනපතිරණට හැකිවිය.  ඒ සමගින් ලකුණු 7-0ක් ලෙස පෙරමුණ ලබාගත් ශාන්ත පීතරයන්ට එය තරගයට හොඳ ආරම්භයක් විය.

නැවතත් 20වැනි මිනිත්තුවේ ක්‍රියාත්මක වූ ශාන්ත පීතර විද්‍යාලයේ ලියනපතිරණ උත්සාහක දිනුමක් වාර්තා කරමින් තරගයේ වැඩි වාසිය ඔවුන් වෙත හරවා දුන්නේය. ප්‍රවර්තන අවස්ථාව මග හැරීයාම නිසා ලකුණු ප්‍රමාණය වැඩිකර ගැනීමට තිබූ අවස්ථාව ලියනපතිරණට මගහැරිණි.

පළමු භාගය අවසානයේ  අන්තෝනි විදුහලේ ආරක්ෂක වළල්ලේ හිඩැසෙන් ප්‍රයෝජන ලබාගත් එස්. එන්. ප්‍රනාන්දු වේගවත් ධාවනයකින් පසු උත්සාහක දිනුමක් ලබා ලකුණු 19-0ක් ලෙස පෙරමුණෙහි තැබීය.

දෙවන භාගය ඇරඹී මිනිත්තු 8ක් යාමට මත්තෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට අන්තෝනි විද්‍යාලයේ ටී.එස්. වසීම්ට හැකියාව ලැබිණි. නැවතත් 55 වැනි මිනිත්තුවේ ශාන්ත පීතර විද්‍යාලයට ලබාදුන් දඬුවම් පහර ලකුණු 3ක් බවට පෙරලූ පීතර විද්‍යාලයේ ලියනපතිරණ,  අන්තෝනි විද්‍යාලය තවත් අසරණ කළේය. එවිට ලකුණු පුවරුවේ ලකුණු 22-5 ක් ලෙස සටහන් වීමෙන් පීතරයන් පෙරමුණ ලැබීය.

අන්තෝනි විද්‍යාලයට 60 වැනි මිනිත්තුවේදී උත්සාහක දිනුමක් ලබා ගත්තද, පන්දුව ඉදිරියට පිරි නැමුවා යැයි විනිසුරුවන් චෝදනා නැගීම නිසා එම ලකුණු 5 නොදී සිටීමට තරග විනිසුරුවරු තීරණය කළහ.
නැවතත් 63 වැනි මිනිත්තුවේ උත්සාහක දිනුමක් ලබාගත් පීතර විද්‍යාලයේ එස්.එන්. ප්‍රනාන්දු තරගයේ සිය දෙවන උත්සාහක දිනුමද වාර්තා කළේය.

නිවංග රණවීරගේ උත්සාහක දිනුමත් සමග ශාන්ත ඇන්තනි විද්‍යාලය තරමක හිස ඔසවා ගත්තද, එවිටත් තරගයේ වැඩි වාසිය පීතරයන් වෙත හැරී තිබුණි. ලකුණු 34-12 ක් ලෙස පෙරමුණේ පසුවූ පීතර විද්‍යාලය තරගයේ ජයග්‍රහණය පෙනිපෙනීත් තවත් උත්සාහක දිනුමක් වාර්තා කළේය. කෙනෙත් විමලදාස තරගයේ අවසන් උත්සාහක දිනුම ලබාගත් අතර තරගය පුරාවටම ප්‍රවර්තනයන් සාර්ථක කරගත් ලියනපතිරණට එවර ප්‍රවර්තනය දියත් කිරිමට නොහැකි විය.

ඇන්තනි විද්‍යාලයට එරෙහිව පීතර විද්‍යාලය ජයග්‍රහණය කිරීමත් සමග මෙවර මයිලෝ ජනාධිපති කුසලානයේ අවසන් කණ්ඩායම් 4 සඳහා ඇතුළත් විමට පීතර විද්‍යාලයට හැකියාව ලැබිණ. කුරුණෑගල මලියදේව විද්‍යාලය පරාජයට පත්කළ ශාන්ත ජෝශප් විද්‍යාලයත්, මහනුවර ත්‍රිත්ව විද්‍යාලය පරාජයට පත්කළ මහනුවර කිංග්ස්වුඞ් විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය පරාජයට පත්කළ වෙස්ලි විද්‍යාලය මෙවර ජනාධිපති කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

ශා. පීතර - ශා. අන්තෝනි රග්බි තරගයේ විශේෂ අවස්ථා...

ඡායාරූප - ළහිරු හර්ෂණ


අදහස් (0)

පීතරයෝත් අවසන් පූර්ව වටයට එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.