Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත‍්‍රිත්ව විදුහල අතර 72 වැනි වරටත් පැවැත්වෙන ‘බ‍්‍රැඞ්බි පළිහ’ වාර්ෂික රග්බි තරගයේ පළමු අදියර තරගයේදී ශ්‍රී ලංකා රග්බි ඉතිහාසයේ පළමු වරට රූපවාහිනි විනිසුරුවකුගේ සේවය ලබා ගැනීමට නියමිතය. මෙම තරගය රාජකීය විදුහල් රග්බි පිටියේදී ලබන 30 වැනිදා පැවැත්වීමට නියමිතය.
මෙම තරගය ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ ක‍්‍රීඩා අංශය විසින් සජීවිව විකාශය කරන අතර ඒ අනුව රූපවාහිනි විනිසුරුට අවශ්‍ය පහසුකම්ද රූපවාහිනි සංස්ථාවේ නිෂ්පාදක කණ්ඩායම සපයයි.
රූපවාහිනි විනිසුරුට ක‍්‍රිකට් තරගයක මෙන් විශේෂ කුටියක සිට රූපවාහිනී මගින් අවශ්‍ය රූපරාමු සහ ශබ්දයද සමගින් තරගය නැරඹ්මේ අවස්ථාව තරග විකාශයේ නිෂ්පාදකවරයා සලසා දෙයි. ප‍්‍රධාන විනිසුරුට තරගයේ කිසියම් සිද්ධියක් පිළිබඳව තීරණයක් ගැනීමේ අපහසුවත් තිබේ නම් ඒ අවස්ථාවේදී රූපවාහිනි විනිසුරු අමතා රූපරාමු පරීක්‍ෂා කරන ලෙස ඉල්ලා සිටිය හැකිය.
තමන් සතුව ඇති රූපරාමු නැරඹිමේ අවස්ථාව රූපවාහිනි නිෂ්පාදකවරයා විසින් රූපවාහිනි විනිසුරුට ලබා දෙන අතර ඉන් පසුව රූපවාහිනි විනිසුරුට සහ ප‍්‍රධාන විනිසුරුට මයික‍්‍රෆෝන මගින් සම්බන්ධ වී තීරණයකට එළඹීමේ අවස්ථාව ලැබේ.
රූපවාහිනි නිෂ්පාදකවරයා සහ රූපවාහිනි විනිසුරු මයික‍්‍රෆෝන මගින් සම්බන්ධතාව ගොඩනගා ගත්ත ද කිසිඳු අවස්ථාවක නිෂ්පාදකවරයා සහ ක‍්‍රීඩාංගණයේ සිටින ප‍්‍රධාන විනිසුරු අතර සම්බන්ධතාවක් ඇති නොවේ.
මෙම තරගයේදී ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව කැමරා 10 කින් ලබාගන්නා රූපරාමු රූපවාහිනි විනිසුරුට ලබාදීමට සූදානමින් සිටියි. තවද ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව මෙම තරගය වෙනුවෙන් 55 කට අධික කාර්ය මණ්ඩලයක සේවය ලබා ගැනීමටද නියමිතය.
රූපවාහිනි සංස්ථාව සාමාන්‍ය රග්බි තරගයකදී ලබා දෙන පුනරූපන ආදි පහසුකම් ද රූපවාහිනි විනිසුරුට ලබාදෙයි.
ශ්‍රී ලංකාවේ ප‍්‍රවීණ රග්බි විනිසුරුවකු සහ තීරකයකු වන විමල් පෙරේරා මහතා මෙම තරගයේදී රූපවාහිනි විනිසුරු ලෙස කටයුතු කිරීමට නියමිත බව වාර්තා වේ.
රූපවාහිනි සංස්ථාවේ ක‍්‍රීඩා අංශයේ නිෂ්පාදක, ප‍්‍රවීණ නිවේදකයකු ද වන ආමන්ත විජේසූරිය මහතා මෙම විකාශයේ නිෂ්පාදක සහ අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කරයි.
අන්තර්ජාතික රග්බි සංගමය මේ වන විට රග්බි තරග සඳහා රූපවාහිනි විසුරුවරයකුගේ සේවය ලබා ගන්නා අතර ශ්‍රී ලංකා රග්බි විනිසුරුවන්ගේ සංගමයේ නිලධාරියකු පැවසුවේ රූපවාහිනි සංස්ථාවේ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකාව ද ඒ සඳහා යොමු වූ බවයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.