Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner බ‍්‍රැඩ්බි පළිහ පළමු අදියර හෙට

බ‍්‍රැඩ්බි පළිහ පළමු අදියර හෙට

රොෂාන් ගුණරත්න - 2016 අප්‍රේ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකාවේ පැරණිතම වාර්ෂික රග්බි තරගය වන කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත‍්‍රිත්ව විදුහල අතර 72 වැනි ‘බ‍්‍රැඞ්බි පළිහ’ වාර්ෂික රග්බි තරගයේ පළමු අදියර රාජකීය විදුහල් රග්බි පිටියේදී හෙට (30) පැවැත්වේ. තරගය පස්වරු 4.30 ට ආරම්භ වීමට නියමිතය.


මෙම තරගය මෙවර ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේ තරගයක් ද වේ.  


මෙවර රාජකීය විදුහල් පිලේ නායකයා ලෙස නිලක ද සිල්වාද, ත‍්‍රිත්ව විදුහල් පිලේ තාවකාලික නායකයා ලෙස තුෂිල පෙරේරා ද, කටයුතු කරති.


රාජකීය විදුහල මෙවර ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ මේ වන විට තරග හතරකට සහභාගි වී වෙස්ලි විදුහල සහ ඞී. එස්. සේනානායක විදුහල පරාජය කළ අතර ශාන්ත ජෝශප් විදුහලට එරෙහිව තරගය සමව අවසන් විය.  ත‍්‍රිත්ව විදුහල මෙවර තරග හතරකට සහභාගි වී වෙස්ලි, ඞී. එස්. සේනානායක සහ ශාන්ත ජෝශප් යන විදුහල් පරාජය කිරීමට සමත් විය. ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල හමුවේ මෙම පාසල් දෙකම පරාජය ලබා තිබේ.


ත‍්‍රිත්ව විදුහල් පිලේ නිත්‍ය නායක රාහුල් කරුණාතිලක තරගයක තහනමකට ලක්ව සිටීම නිසා පළමු අදියර තරගයට සහභාගි වීමේ අවස්ථාව අහිමිවී තිබේ.


දෙවිදුහල් අතර 1945 වසරේ සිට පැවැති ‘බ‍්‍රැඞ්බි පළිහ’ තරග 71 යේදී ත‍්‍රිත්ව විදුහල තරග 39 ක් ද, රාජකීය විදුහල තරග 31 ක් ද ජය ලබා ඇති අතර 1992 වසරේ තරග සම තත්ත්වයෙන් අවසන් වී තිබේ. පසුගිය වසරේදී ලකුණු 72-22 ක් ලෙස රාජකීය විදුහල ජය ලැබීය.  


රාජකීය විදුහල 2002 වසරේ ලකුණු 83-0 කින් ලැබූ ජය ‘බ‍්‍රැඞ්බි පළිහ’ රග්බි ඉතිහාසයේ මෙතෙක් ලැබූ විශාලතම ජයග‍්‍රහණය වේ.


තරගයේ දෙවැනි අදියර මැයි මස 14 වැනිදා මහනුවර පල්ලෙකැළේ ත‍්‍රිත්ව විදුහල් රග්බි ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.   

 


අදහස් (0)

බ‍්‍රැඩ්බි පළිහ පළමු අදියර හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.