Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner බ‍්‍රැඩ්බි සටන විසඳුමකින් තොරව අවසන්

බ‍්‍රැඩ්බි සටන විසඳුමකින් තොරව අවසන්

සංජය එරමුදුගොඩ - 2016 මැයි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත‍්‍රිත්ව විදුහල අතර 72 වැනි ‘බ‍්‍රැඩ්බි පළිහ’ වාර්ෂික රග්බි තරගය ලකුණු 35-35 ක් ලෙස සමව අවසන් විය.

‘බ‍්‍රැඞ්බි පළිහ’ වාර්ෂික රග්බි තරග ඉතිහාසයේ සම තත්ත්වයෙන් තරගාවලිය අවසන් වූ දෙවැනි අවස්ථාව මෙය වේ. මීට පෙර 1992 වසරේ තරගයේ පළමු අදියර 3-3 ක් ලෙස ද, දෙවැනි අදියර 0-0 ක් ලෙස ද, සම වීමෙන් සමස්ත තරගය සමව අවසන් වී තිබේ.  

මහනුවර පල්ලෙකැළේ ත‍්‍රිත්ව විදුහල් රග්බි පිටියේදී අද (14) පැවැති දෙවැනි අදියර තරගයෙන් ත‍්‍රිත්ව විදුහල ලකුණු 18-13 ක් ලෙස ජය ලැබුව ද කොළඹදී පැවැති පළමු අදියර තරගයෙන් රාජකීය විදුහල ලකුණු 22-17 කින් ජය ලබා සිටීමෙන් සමස්ත තරගය සම විය.

ත‍්‍රිත්ව විදුහල දෙවැනි අර්ධයේ 28 වැනි මිනිත්තුවේදී ගෝලයක් සම්පූර්ණ කරමින් ලකුණු 18-10 ක් ලෙස තව දුරටත් පෙරමුණට පැමිණෙමින් සමස්ත ලකුණු 3 ක් ඉදිරියට පැමිණි අතර එය අවසන් මිනිත්තුව දක්වා රැකගෙන සිටියේය.

මෙම අවස්ථාවේදී ත‍්‍රිත්ව විදුහල ලකුණු 35-32 ක් ලෙස පෙරමුණේ පසු වූ අතර මෙවර තරගාවලිය පුරාම රාජකීය විදුහලේ ජයග‍්‍රහණවලට මූලිකයා වූ ෆූල් බැක් ක‍්‍රීඩක ඔවින් ඇස්කි සම්පූර්ණ කළ අනගි දඩුවම් පහරත් සමගින් ලකුණු 35-35 ක් ලෙස සම වෙමින් තරගය අවසන් විය.

අද පැවැති දෙවැනි අදියර ජයග‍්‍රහණය කළ ත‍්‍රිත්ව විදුහල ගෝලයකින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහර දෙකකින් ලකුණු රැස්කළ අතර රාජකීය විදුහල ගෝලයකින් සහ දඩුවම් පහර දෙකකින් ලකුණු ලැබීය.

තරගයේ පළමු අර්ධය අවසන් වන විට රාජකීය විදුහල ලකුණු 10-5 ක් ලෙස පෙරමුණේ රැදී සිටියදී දෙවැනි අර්ධයේ 6 වැනි සහ 18 වැනි මිනිත්තුවලදී සනුෂ්ක අබේසිංහ විශිෂ්ට ලෙස සාර්ථක කළ දඩුවම් පහර දෙක සමගින් ත‍්‍රිත්ව විදුහල ලකුණු 11-10 ක් ලෙස පෙරමුණට පැමිණියේය.

 


අදහස් (0)

බ‍්‍රැඩ්බි සටන විසඳුමකින් තොරව අවසන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.