Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් සමාජ පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ ශූරයන් තෝරාගැනීමට තවත් ඉතිරිව ඇත්තේ තරග 3 ක් පමණි. දෙවැනි වටයේ ආරම්භයේ සිටම පෙරළිකාර ජයග්‍රහණ රැසක්ම අත්පත් කරගත් මහනුවර ක්‍රීඩා සමාජය පසුගිය වසරේ දිනාගත් ලීග් කිරුළ රැක ගැනීමේ දැඩි උත්සාහයක නිරතව සිටී.
මේ සති අන්තයේ තරග වටයේදී කාගෙත් අවධානය දිනාගන්නා තරගය බවට පත්වන්නේ ඉරිදා පස්වරුවේ නිත්තවෙල පැවැත්වෙන මහනුවර ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර තරගයයි.
එය එක් අතකින් මහනුවර පිලට හැව්ලොක්ස් පිල අබිබවා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ලැබෙන මහඟු අවස්ථාවක් මෙන්ම අනිත් අතින් තරගාවලියේ ආරම්භයේදීම නොසිතු පරාජයකට මහනුවර පිල ඇද දැමූ ගුවන් හමුදා පිලෙන් වාඩුව පිරිමසා ගැනීමේ තරගයක් ද වෙයි. එදායින් පසුව දෙපිල හමුවන පළමු අවස්ථාව මෙය වන අතර සිය බලාපොරොත්තු සියල්ල ආපස්සට තල්ලු කළ ගුවන් හමුදා පිලට එරෙහිව දැවැන්ත ජයක් වාර්තා කරමින් ලකුණු සටහනේ පෙරමුණ ගැනීම හැර මහනුවර පිලේ ක්‍රීඩකයන්ගේ මනසේ වෙනත් දෙයක් නොමැත.
තරගාවලියේ දෙවැනි සතියේ සිටම පෙරමුණ අත්පත් කරගෙන සිටින හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සහ මහනුවර පිල අතර ප්‍රසාද ලකුණු සටහනේ වෙනස දැන් එක් ලකුණක් පමණි. හැව්ලොක්ස් පිල මේ වනවිට තරග 11කින් 10ක් ජයගෙන තරගයක් පරාජයට පත්වී ප්‍රසාද ලකුණු 58 ක් ලබා සිටී. මහනුවර පිල තරග 11 කින් 9ක් ජයගෙන තරග 2 ක් පරාජය වී ප්‍රසාද ලකුණු 57 ක් ලබා සිටී. එබැවින් හෙට (28) ඇරැඹෙන තරග වටයේ සිට සෑම තරගයක්ම හැව්ලොක්ස් පිලට මෙන්ම මහනුවර පිලටත් එක සේ වැදගත් වේ.
හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය හෙට තරග වදින්නේ පසුගිය සතියේ සිය පිටියේදීම යුද හමුදාවට පරාජය වූ සී.ආර්.ඇන්ඞ් එෆ්.සී.පිල සමගය. එම තරගය පැවැත්වෙන්නේ ද සී.ආර්. පිටියේදීමය. ප්‍රසාද ලකුණු 40ක් ලබා තරගාවලියේ මේ වනවිට සිවුවැනි තැන රැක ගැනීමට සමත්ව සිටින සී.ආර්.පිලට හෙට තරගයේදී හැව්ලොක්ස් පිලේ ජයග්‍රහණය නතර කිරිම පහසු කරුණක් නොවනු ඇත.
මහනුවර පිලෙන් එල්ලවෙමින් තිබෙන අභියෝගය හමුවේ හැව්ලොක්ස් පිලට හෙට තරගයේ ජයග්‍රහණය අතිශය වැදගත් එකකි. තව දුරටත් ලකුණු සටහනේ පෙරමුණේ රැඳී සිටීමට නම් හෙට තරගය වැඩි ලකුණු සංඛ්‍යාවකින් ජයගැනීමටත් හැව්ලොක්ස් පිලට සිදුවී තිබේ.
ප්‍රසාද ලකුණු 52 ක් ලබා ලකුණු සටහනේ තුන්වැනි තැන සිටින නාවික හමුදා පිල හෙට තරග වදින්නේ යුද හමුදා කණ්ඩායම සමගය. පෙරමුණේ පසුවන පළමු කණ්ඩායම් දෙකට දැඩි තරගයක් දීමේ අරමුණින් පසුවන නාවික හමුදා පිල හෙට වැලිසර නාවික හමුදා පිටියේ පැවැත්වෙන තරගයේ දී යුද හමුදා කණ්ඩායමට ප්‍රබල පීඩනයක් එල්ල කරනු ඇත. එසේ වුවත් පසුගිය සතියේදී සී.ආර්.පිල ඔවුන්ගේම භූමියේදී පරාජයට පත් කරමින් සිය මානසිකත්වය ඉහළ දමාගෙන සිටින යුද හමුදා පිල හමුවේ එය එතරම් ලෙහෙසි වන්නේ නැත. ප්‍රසාද ලකුණු 27 ක් ලබා 6 වැනි තැන පසුවූවත් යුද හමුදා පිලේ බලාපොරොත්තුව වී ඇත්තේ ඉතිරි තරග සියල්ල ජයගෙන පළමු කණ්ඩායම් 4 ට එක්වීමය.
ලකුණු සටහනේ 7 වැනි සහ 8 වැනි තැන්වල සිටින පොලිස් ක්‍රීඩා සමාජය සහ සී.එච්.ඇන්ඞ් එෆ්.සී. කණ්ඩායම අතර තරගය පැවැත්වෙන්නේ ඉරිදා (29) පස්වරුවේය. මේ තරගය වැඩි අවධානයක් යොමු වන එකක් නොවූවත් දෙපිලේ ක්‍රීඩකයන්ගේ දස්කම් උරගා බැලීමට ලැබී ඇති කදිම අවස්ථාවකි. එමෙන්ම එය පොලිස් කණ්ඩායමට මෙතෙක් අත්පත් කරගෙන සිටින එකම ජයග්‍රහණය 2 ක් බවට පත් කරගැනීමට ලැබෙන අවස්ථාවක් මෙන්ම (පොලිස් පිලේ එකම ජයග්‍රහණය පළමු වටයේ දී වාර්තා වූයේ ද සී.එච්.පිලට එරෙහිවයි) මෙතෙක් සහභාගි වූ සියලුම තරග පරාජය වී සිටින සී.එච්. පිලට තරගාවලියේ අන්තිම මොහොතේ හෝ ඉඩෝරයට ලැබෙන දිය පොදක් මෙන් ජයක් වාර්තා කිරීමට ලැබෙන අවස්ථාවකි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.