Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner මහනුවර පිල ලීග් රග්බි ශූරතාව දිනයි

මහනුවර පිල ලීග් රග්බි ශූරතාව දිනයි

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවූ අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ (2015/2016) ශූරතාව දිනා ගැනීමට මහනුවර ක‍්‍රීඩා සමාජය අද (28) සමත් විය. හැව්ලොක්ස් පිලට අනු ශූරතාව හිමිවිය.

මහනුවර පිල මෙවර තරගාවලියේ තරග 14 ම ජය ලබා අපරාජිතව ශූරයන් බවට පත්වීම කැපී පෙනේ.

අනු ශූරයන් වූ හැව්ලොක්ස් පිල තරග 14 න් තරග 11 ක් ජය ලැබීය.

මෙවර තරගාවලියේ අවසන් තරගය ලෙස මහනුවර පිල සහ හැව්ලොක්ස් පිල අතර නිත්තවෙල පිටියේදී අද (28) පැවැති තරගයෙන් මහනුවර පිල ලකුණු 27-12 ක පහසු ජයක් ලැබීය.

හැව්ලොක්ස් පිල වෙනුවෙන් උත්සාහක දිනුම් 12 ක් සම්පූර්ණ කළ ප‍්‍රසාද් මධුසංඛ තරගාවලියේ වැඩිම උත්සාහක දිනුම් සම්පූර්ණ කළ ක‍්‍රීඩකයා ලෙස ද, නාවික හමුදා පිලේ තිළිණ වීරසිංහ තරගාවලියේ වැඩිම ප‍්‍රසාද ලකුණු ලැබූ ක‍්‍රීඩකයා ලෙස ද, සම්මාන ලැබූහ.

ජයග‍්‍රාහි මහනුවර පිල ගෝලයකින් සහ උත්සාහක දිනුම් 4 කින් ලකුණු රැස් කළේය. හැව්ලොක්ස් පිල ගෝලයකින් සහ උත්සාහක දිනුමකින් ලකුණු ලැබීය.

මෙම තරගය ආරම්භයේදී හැව්ලොක්ස් ක‍්‍රීඩකයෝ ප‍්‍රබල මහනුවර පිලට හො`ද අභියෝගයක් යොමු කළ ද දෙවැනි අර්ධයේදී මහනුවර පිල ළගාවිය නොහැකි ලෙස පෙරමුණට පැමිණියේය. මහනුවර පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 10-5 ක් ලෙස පෙරමුණේ පසුවිය.

 

 

 


අදහස් (0)

මහනුවර පිල ලීග් රග්බි ශූරතාව දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.