Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner මහනුවර පිල පරදී

මහනුවර පිල පරදී

සංජය එරමුදුගොඩ - 2016 නොවැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් ක්‍රීඩා සමාජ ‘ඩයලොග් කුසලාන’ රග්බි තරගාවලියේ අද (12 වැනිදා) පැවැති තරග තුනකදී යුද හමුදාව, ගුවන් හමුදාව සහ හැව්ලොක්ස් කණ්ඩායම් ජයග්‍රහණය කළහ. මෙහි විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකා රග්බි පිටියේ ආධිපත්‍යය පතුරුවාගෙන සිටි මහනුවර පිල ගුවන් හමුදාව හමුවේ ලද පරාජයයි.

 

■    රත්මලාන ගුවන් හමුදා පිටියේදී පැවැති තරගයේදී ගුවන් හමුදා පිල විසින් ලකුණු 24-21 ක් ලෙස මහනුවර පිල පරාජය කරන ලදි. (ගුවන් හමුදාව ගෝල 3 යි, දඬුවම් පහර 1 යි. මහනුවර පිල ගෝල 3 යි)

■    බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී හැව්ලොක්ස් පිල විසින් පොලිස් පිල ලකුණු 37-12 ක් ලෙසින් පරාජය කරන ලදි. (හැව්ලොක්ස් පිල ගෝල 4 යි, දඬුවම් පහර 3 යි. පොලිසිය ගෝල 1යි, උත්සාහක දිනුම් 1 යි)

■    කොළඹ තුරඟ තරග පිටියේදී පැවැති තරගයේදී යුද හමුදාව විසින් ලකුණු 39 -12 ක් ලෙසින් සී. එච්. පිල පරාජය කරන ලදි. (යුද හමුදාව ගෝල 3 යි, උත්සාහක දිනුම් 3 යි, දඬුවම් පහර 1 යි. සී. එච්. පිල ගෝල 1 යි, උත්සාහක දිනුම් 1 යි)


 

 


අදහස් (0)

මහනුවර පිල පරදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.