Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහයෙවූ ඩයලොග් ‘ක්ලිෆ්ර්ඞ්’ කුසලාන අන්තර් සමාජ පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය අද (26) සමත් විය. හැව්ලොක්ස් පිලට අනු ශූරතාව හිමිවිය. මහනුවර පිල ලීග් ශූරතාව ද දිනා ගනිමින් මෙම වසරේ ද්විත්ව ශූරයන් බවට පත්විය. මහනුවර පිල මෙම ශූරතාව 2015 සිට පිට පිටම තෙවරක් දිනා ගැනීමට ද සමත්ව සිටියි.
ශ්‍රී ලංකාවේ පැරණිතම රග්බි තරගාවලියක් වන මෙම තරගාවලිය 1911 වසරේ ආරම්භ වී තිබේ. මහනුවර පිල මෙම ශූරතාව දිනූ 20 වැනි අවස්ථාව මෙය වේ.
මෙම තරගාවලියේ 2000 වසරේ සිට මහනුවර පිල ශූරතාව දිනූ 15 වැනි අවස්ථාව මෙය වීම කැපී පෙනේ. සී. ආර්. පිල 2006 වසරේ ද, නාවික හමුදා පිල 2014 වසරේ ද, ශූරයන් බවට පත්ව ඇති අතර මහනුවර පිල එම වසර දෙකේම තරගාවලියට සහභාගි නොවීය. 2013 වසරේ තරගාවලිය නොපැවැත්වීය.
මෙවර මහනුවර පිලේ නායකයා ලෙස රොෂාන් වීරරත්න කටයුතු කළේය.
මහනුවර රග්බි බලකොටුව වන නිත්තවෙල පිටියේදී ඊයේ පැවැති අවසන් මහ තරගරයේදී මහනුවර ක්‍රීඩකයෝ ලකුණු 32-20 කින් හැව්ලොක්ස් පිල පරාජය කිරීමට සමත් වූහ.
ගයාන් වීරරත්න පළමු අර්ධයේ 20 වැනි සහ 35 වැනි මිනිත්තුවදී සම්පූර්ණ කළ උත්සාහක දිනුම් දෙක මහනුවර පිලේ ජයග්‍රහණයට ප්‍රධාන සාධකය බවට පත්විය.
මෙම තරගය ආරම්භ කිරීමට පෙර දැඩි වර්ෂාවක් ඇද හැලුණු අතර ඒ හේතුවෙන් තරගය ආරම්භ කරන විට ක්‍රීඩාංගණය ජලයෙන් පිරී තිබුණි. ඒ හේතුවෙන් කණ්ඩායමේ දෙකේම දස්කම්වල යම් අඩුවක් ඇති විය.
ප්‍රංශ ජාතික විනිසුරුගේ නළා හඩින් තරගය ආරම්භ වී 8 වැනි මිනිත්තුවේදී හැව්ලොක්ස් පිලට ලැබුණු දඩුවම් පහර හිරන්ත පෙරේරා සාර්ථක කිරීමත් සමඟ 3-0 ක් ලෙස ලකුණු පුවරුව ක්‍රියාත්මක විය.
මහනුවර පිලට 12 වැනි මිනිත්තුවේදී ලැබුණු දඬුවම් පහර තිළිණ වීරසිංහ සාර්ථක කිරීමත් සමඟ ලකුණු පුවරුව 3-3 ක් ලෙස සම විය.
ගයාන් වීරරත්න 20 වැනි සහ 35 වැනි මිනිත්තුවලදී හැව්ලොක්ස් ක්‍රීඩකයන් අන්දමන්ද කරමින් සම්පූර්ණ කළ උත්සාහක දිනුම් දෙකට තිළිණ වීරසිංහ අතිරේක ලකුණු එකතු කිරීමත් සමඟ ලකුණු 17-3 ක් ලෙස මහනුවර පිල ශක්තිමත් විය.
ෆාෂිල් මරීජා විශිෂ්ට ලෙස දිවයමින් සම්පූර්ණ කළ උත්සාහක දිනුම තිළිණ වීරසිංහ ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමත් සමඟ ලකුණු 24-3 ක් තිබියදී පළමු අර්ධය අවසන් විය.
දෙවැනි අර්ධයේ 12 වැනි මිනිත්තුවේදී හැව්ලොක්ස් පිලේ නිෂෝන් පෙරේරා සාර්ථක කළ උත්සාහක දිනුමත් සමඟ ලකුණු පුවරුව 24-8 ක් බවට පත්විය. තිළිණ වීරසිංහ දඬුවම් පහරකින් තවත් ලකුණු 3 ක් එකතු කිරීමත් සමඟ මහනුවර පිල ලකුණු 27-8 ක් ලෙස තවදුරටත් පෙරමුණට පැමිණියේය.
හැව්ලොක්ස් පිලේ නිෂෝන් පෙරේරා නැවතත් ක්‍රියාත්මක වෙමින් 20 වැනි මිනිත්තුවේදී ප්‍රධාන ක්‍රීඩාංගාරය අන්තයේ කොඩි කණුව අසළින් ගෝල සීමාවේ තැබූ පන්දුවට හිරන්ත පෙරේරා අතිරේක ලකුණු 2 ක එකතු කිරීමෙන් ලකුණු පුවරුව 27-15 ක් බවට පත්විය.
හැව්ලේක්ස් නායක දුෂ්මන්ත ප්‍රියදර්ශන ඉන් මිනිත්තු 10 කට පසුව උත්සාහක දිනුමක් සම්පූර්ණ කරමින් ලකුණු තත්ත්වය 27-20 ක් බවට පත්කිරීමත් සමඟ ක්‍රීඩාංගණයට පැමිණ සිටි 5000 කට අධික මහනුවර පිලට සහය දැක්වූ ප්‍රේක්‍ෂකයෝ තැති ගැනීමට ලක්වූහ.
රිචඞ් ධර්මපාල ඉන් මිනිත්තු 8 කට පසුව උත්සාහක දිනුමක් සම්පූර්ණ කරමින් මහනුවර රග්බි ප්‍රේක්‍ෂකයන්ගේ බලාපොරොත්තු සපළ කිරීමට සමත් විය. ඒ අනුව අවසන් ලකුණු තත්ත්වය 32-20 ක් බවට පත්විය.
(ඡායාරූප - ඉන්ද්‍රරත්න බාලසූරිය)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.