Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් සමාජ පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ අවසන් සති කිහිපය උදාවෙත්ම ප්‍රසාද ලකුණු සටහනේ පෙරළි කරන්නට අර අඳින කණ්ඩායම් රැසකි. ප්‍රසාද ලකුණු 52 ක් ලබා පෙරමුණ ගෙන සිටින හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය අබිබවා ලීග් කිරුළ රැක ගැනීමට කුරුමානම් අල්ලමින් සිටින මහනුවර ක්‍රීඩකයෝ හෙට (21) ඇරැඹෙන 11 වැනි සති අන්තයේ තරගයේදී පොලිස් කණ්ඩායමට එරෙහිව තරග බිමට පිවිසෙයි.
හෙට පස්වරු 4.00ට පොලිස් පිටියේ දී පැවැත්වෙන මේ තරගයට සත්කාරක පොලිස් පිල එක්වන්නේ පසුගිය සතියේදී ගුවන් හමුදා පිලට එරෙහිව පැවැති තරගයේ ජය පෙනි පෙනී ලකුණු 15-13 කින් පරාජය වීමේ වේදනාවත් කරපින්නාගෙනය. ප්‍රසාද ලකුණු 10 ක් ලබා 7 වැනි තැන පසුවන පොලිස් පිල මෙතෙක් වාර්තා කර ඇත්තේ එක් ජයග්‍රහණයක් පමණි.
මේ අතර මෙවර තරගාවලියේ දී ජයග්‍රහණයේ වාසනාව අහිමිව ලකුණු සටහනේ පතුලට වැටී සිටින සී.එච්.ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය හෙට පස්වරු 4.00ට නාවික හමුදා පිලට එරෙහිව සී.ආර්.පිටියේ දී තරග බිමට පිවිසෙයි. දුර්වල කණ්ඩායමක් ලෙස තරගාවලියට එක්වූ සී.එච්.පිල සෙසු කණ්ඩායම්වලට ප්‍රසාද ලකුණු සටහනේ ඉහළ යාමේ කදිම ඉනිමඟක් බවට පත්වී ඇත. එබැවින් නාවික හමුදා පිලේ ද අරමුණ වී ඇත්තේ හෙට තරගයේදී මේ පීඩිතයන් හොඳ හැටි තලා දමා ප්‍රසාද ලකුණු ගොඩ වැඩි කරගනිමින් නැවත ලකුණු සටහනේ දෙවැනි තැන අත්කර ගැනීමය.
පෙරමුණේ පසුවන හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය ද හෙට සිය තරග ලැයිස්තුවේ 11 වැනි තරගයට එක්වන්නේ ගුවන් හමුදා කණ්ඩායම සමගය. හෙට පස්වරු 6.30 ට හැව්ලොක්ස් පිටියේ පැවැත්වෙන මේ තරගය සත්කාරකයන්ට පෙරමුණ රැක ගැනීමේ තරගයකට බවට පත්වනු ඇත. ප්‍රසාද ලකුණු 27 ක් ගෙන ලැයිස්තුවේ 5 වැනි තැන සිටින ගුවන් හමුදා පිල පසුගිය සතියේදී පොලිස් පිලට එරෙහිව කදිම ජයග්‍රහණයක් අත්කර ගත්තේය.
මෙවර සති අන්තයේ තරග අතරින් වඩාත්ම අවධානය දිනාගන්නා තරගය බවට පත්වී ඇත්තේ ඉරිදා (22) පස්වරු 4.00ට සී.ආර්.පිටියේ පැවැත්වෙන යුද හමුදා පිල සහ සී.ආර්.ඇන්ඞ් එෆ්.සි. ක්‍රීඩා සමාජය අතර තරගයයි. පසුගිය සතියේදී සී.එච්.පිල ලකුණු 62--3 කින් පරදවා ඉහළ මානසිකත්වයකින් පසුවන සී.ආර්.පිලට මේ තරගයේදී යුද හමුදා කණ්ඩායම වෙතින් දැඩි අභියෝගයක් එල්ල වනු නිසැකය.
ලකුණු 39 ක් ලබා මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ සිවුවැනි තැන සිටින සී.ආර්.පිල පහළට ඇද දමා ඉදිරියෙන් පසුවන කණ්ඩායම් 4 ට එක්වීමට ගුවන් හමුදා පිල මෙන්ම යුද හමුදා පිලත් උත්සාහ දරන්නේ දෙවැනි වටයේ ආරම්භයේ සිටමය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.