Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඩයලොග් කුසලාන අන්තර් ක්‍රීඩා සමාජ රග්බි තරගාවලියේ පස්වැනි සතිය අවසන් වන විටත් අපරාජිතව සිටි කණ්ඩායම් දෙක වූ මහනුවර පිලත්, හැව්ලොක්ස් පිලත් අතර මහනුවර තිත්තවෙල ක්‍රීඩා පිටියේ දී පැවති රග්බි තරගයෙන් ලකුණු 31-21 ක් වශයෙන් හැව්ලොක්ස් පිල පරාජය කරමින් තම අපරාජිත කිරුල රැක ගැනීමට මහනුවර පිල සමත් විය.
ජයග්‍රාහී මහනුවර පිල ගෝල දිනුම් හතරක් සහ දඬුවම් පහරක් මඟින් ලකුණු වාර්තා කළ අතර හැව්ලොක්ස් පිල ගෝල දිනුම් තුනක් මඟින් ලකුණු රැස් කළේය. ප්‍රථම අර්ධය නිමාවන විට ලකුණු 21- 07ක් වශයෙන් මහනුවර පිල ඉදිරියෙන් විය. මෙම තරගයේදී ද මහනුවර පිල ප්‍රසාද ලකුණු ද සමඟින් ජය වාර්තා කිරීමට සමත් විය.
අපරාජිත කණ්ඩායම් දෙකක් අතර පැවති මෙම තරගය නැරඹීම සඳහා තිත්තවෙල ක්‍රීඩා පිටියට අති විශාල රග්බි ලෝලීන් පිරිසක් එක්රැස් වී සිටියේ ඉතා තියුණු රග්බි තරගයක් දැකබලා ගැනීමට වුවත් තරගය ආරම්භ වී විසි එක්වැනි විනාඩිය පසු කරන විට රග්බි ලෝලීන් විශ්මයට පත් කරවමින් මහනුවර පිල ගෝල දිනුම් තුනක්ම වාර්තා කිරීමට සමත් විය.
කෙසේ නමුත් දෙවැනි අර්ධයේ මහනුවර පිලට ප්‍රබල තරගයක් දීමට හැව්ලොක් ක්‍රීඩකයන් සමත් විය.
සිංගප්පූරු ජාතික රග්බි විනිසුරු චාල් බ්‍රවුන් මහතාගේ ප්‍රථම නලා හඩින් තරගය ආරම්භ වී අටවැනි විනාඩියේදී උත්සහය දිනුමක් වාර්තා කිරීමට මහනුවර පිලේ නොම්බර අට ක්‍රීඩක බුවනෙක උඩන්ගමුව සමත් වූ අතර එහි ප්‍රවර්ථනය තිළිණ විජේසිංහ විසින් සාර්ථක කරගන්නා ලදී. දොළොස්වැනි විනාඩියේදී හැව්ලොක්ස් පිලේ ලකුණු සීමාව ආසන්නයේ මහනුවර පිලට ලද ක්‍රීඩක එකතුවකින් තල්ලුවී ගොස් උත්හසයක දිනුමක් වාර්තා කළ අතර බුවනෙක උඩන්ගමුව විසින් වාර්තා කරනලද එම උත්සහයක දිනුමේ ප්‍රවර්ථනය තිළිණ විසින් සාර්ථක කරන ලදී.
විසිඑක් වැනි විනාඩියේදී මහනුවර පිලේ වින්ගර් ක්‍රීඩක අනුරුද්ධ විල්වර විසින් උත්සාහක දිනුමක් වාර්තා කල අතර එහි ප්‍රවර්ථනයද තිලිණ විසින් සාර්ථක කරගන්නා ලදී.
විසි අටවැනි විනාඩියේදී ක්‍රියාත්මක වූ ෆ්ලෑන්කර් ක්‍රීඩක සිතුම් පීරිස් විසින් උත්සාහක දිනුමක් වාර්තා කල අතර එහි ප්‍රවර්ථනය රීසා මුඛාරක් විසින් සාර්ථක කර ගත් බැවින් ප්‍රථම අර්ධය නිමාවන විට ලකුණු 21 - 07 ක් වශයෙන් මහනුවර පිල ඉදිරියෙන් විය.
දෙවැනි අර්ධය ආරම්භ වී නවවැනි විනාඩියේදී මහනුවර පිලේ නොම්මර අට ක්‍රීඩක බුවනෙක උඩන්ගමුව විසින් නැවතත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වූ අතර එහි ප්‍රවර්ථනය තිලිණ විසින් සාර්ථක කර ගන්නා ලදී.
විසිපස් වැනි විනාඩියේදී හැව්ලොක්ස් පිලේ දුශ්මන්ත ප්‍රයදර්ශන විසින් මහනුවර ලකුණු සීමාව ආක්‍රමණය කිරීමට සමත් වූ අතර එහි ප්‍රවර්ථනය රීසා විසින් සාර්ථක කරගන්නා ලදී. තිස්පස්වැනි විනාඩියේදී නැවතත් ක්‍රියාත්මකවූ හැව්ලොක්ස් පිලේ දිනුක් අමරසිංහ උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්ථනය ද රිසා විසින් සාර්ථක කරගන්නා ලදී.
තිස්හත් වැනි විනාඩියේදී මීටර විස්ස සීමාවේදී මහනුවර පිලට ලද දඩුවම් පහරක් සාර්ථක කරගැනීමට තිලිණ විජේසිංහ සමත් වූ අතර තරගයේ අවසන් නලා හඩ නිකුත් වන විට ලකුණු 31- 21 ක් වශයෙන් ජය වාර්තා කිරීමට මහනුවර පිල සමත් විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.