Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner මොනාකෝ තරගාවලියට යන්න මරීජාත් එයි

මොනාකෝ තරගාවලියට යන්න මරීජාත් එයි

සංජය එරමුදුගොඩ - 2016 ජුනි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බ‍්‍රසීලියේ රියෝ ද ජනයිරෝහි ලබන අගෝස්තු මස පැවැත්වෙන XXXI වැනි ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි තරගාවලියට සහභාගි වන 12 වැනි කණ්ඩායම තේරීම සඳහා මේ මස 18 සහ 19 දෙදින පැවැත්වෙන ‘මොනාකෝ සත් සාමාජික රග්බි තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව යෑමට නියමිතය.

මෙම තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි පිලේ නායකත්වයට සුදර්ශන මුතුතන්ත‍්‍රි නැවතත් පත්කර තිබේ.

ආබාධයකට ලක්ව සිටීම නිසා මීට පෙර තරගාවලියේදී සහය පුහුණුකරුවකු ලෙස කණ්ඩායමට එකතු වූ හිටපු නායක ෆාෂිල් මරීජාද මෙම තරගාවලියට නම් කළ ක‍්‍රීඩකයන් 12 දෙනා අතරට ඇතුළත්ව සිටිති.

ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි තරගාවලියට මේ වන විට කණ්ඩායම් 11 ක් සුදුසුකම් ලබා සිටින අතර මොනාකෝ තරගාවලියේ ශූරතාව දිනාගන්නා රටට 12 වැනි කණ්ඩායම ලෙස ඔලිම්පික් කී‍්‍රඩා උළෙලට එක්විය හැකිය.

මෙම තරගාවලියට කණ්ඩායම් 16 ක් සහභාගි වන අතර පළමු වටය කණ්ඩායම් හතර බැගින් කාණ්ඩ හතරක් යටතේ ලීග් ක‍්‍රමයට පැවැත්වේ. මෙහිදී ශ්‍රී ලංකා පිල ‘බී’ කාණ්ඩයේ ක‍්‍රීඩා කරන අතර එම කාණ්ඩයට කැනඩාව, ජර්මනිය සහ උරුගුවේ යන රටවල් ඇතුළත් වේ.

ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය මේ මස 18 වැනිදා ජර්මනියට එරෙහිව පැවැත්වේ.

 මෙහිදී ‘ඒ’ කාණ්ඩයෙන් සැමෝවා, සිම්බාබ්වේ, ටොන්ගා සහ අයර්ලන්තය ද, ‘සී’ කාණ්ඩයෙන් රුසියාව, චීලි, මොරොක්කොව සහ ටියුනිසියාව ද, ‘ඞී’ කාණ්ඩයෙන් හොං කොං, ස්පාඤාඤය, මෙක්සිකෝව සහ දකුණු කොරියාව ද ක‍්‍රීඩා කරයි.

බ‍්‍රසීලය, දකුණු අප‍්‍රිකාව, කෙන්යාව, ජපානය, ප‍්‍රංශය, බි‍්‍රතාන්‍යය, ෆීජි, නවසීලන්තය,  ඕස්ටේ‍්‍රලියාව, ආජන්ටිනාව සහ ඇමරිකාව මේ වන විට ඔලිම්පික් කී‍්‍රඩා උළෙලට සුදුසුකම් ලබා සිටින රටවල් 11 වේ.  


ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි පිල:

සුදර්ශන මුතුතන්ත‍්‍රි (නායක), දන්ශා දයාන්, ධනුෂ්ක රංජන්, ෆාෂිල් මරීජා, ජේසන් දිසානායක, කාංචන රාමනායක, කවිඳු පෙරේරා, රොෂාන් වීරත්තන, සයුරු ඇන්තනී, රිචඞ් ධර්මපාල, රෝචන හෙට්ටිආරච්චි සහ ශ්‍රීනාත් සූරියබණ්ඩාර
රොහාන් චින්තක මහතා (කළමණාකරු), මැතිව් ටියුනර් මහතා (පුහුණුකරු) සහ අමිත් ජයසේකර මහතා (භෞතචිකිත්සක)

 


අදහස් (0)

මොනාකෝ තරගාවලියට යන්න මරීජාත් එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.