Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner යෝෂිත රාජපක්‍ෂට දෙසතියක විවේකයක්

යෝෂිත රාජපක්‍ෂට දෙසතියක විවේකයක්

Nisanka Sandeepani - 2019 ජන මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු කොටසේ රග්බි තරගාවලියට සහභාගි වන කොළඹ ප්‍රධාන රග්බි කණ්ඩායමක් වන සී. එච්. ඇන්ඞ් එෆ්. සී. පිලේ නායකයා මෙන්ම ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමෙ හිටපු නායකයකුද වන යෝෂිත රාජපක්‍ෂ තුවාල ලබා තිබේ. ඔහුගේ හිසට සිදුවූ තුවාල හේතුවෙන් සැත්කමක්ද කර තිබෙන අතර නිල නොවන ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත්තේ යෝෂිතගේ රග්බි දිවියේ අනාගතය ඉතාමත් අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇති බවයි. 

මේ අතරවාරයේදී සී.එච්. පිලේ යෝෂිතගේ ස්ථානයට ශ්‍රී ලංකා සම්භවයක් ඇති ඕස්ට්‍රේලියානු ජාතිකයකු වන ඇඩම් ගවුඩර් ආදේශ කර තිබේ.

යෝෂිත රාජපක්‍ෂ ශල්‍යකර්මයකට ලක් කිරීම හේතුවෙන් ඔහුට සති දෙකක් විවේක ගන්නා ලෙස වෛද්‍ය උපදෙස් දී තිබේ. සී. එච්. පිලේ ෆ්ලෑන්කර් ක්‍රීඩකයකු වශයෙන් ක්‍රීඩා කරන යෝෂිත ශල්‍යකර්මයකට මුහුණ දුන් බව සී. එච්. පිලේ පුහුණුකරු රොනී ඊබ්‍රහිම් මහතා තහවුරු කර තිබුණි.

“ඒක පොඩි ඔපරේෂන් එකක්. එයා එදාම ඉස්පිරිතාලෙන් ගියා. කොහොම උනන් නැවත පුහුණුවීම් පටන් ගන්න පෙර එයාට සති දෙකක් විවේක ගන්න කියලා වෛද්‍යවරුන් කියලා තියෙනවා”

“අපිට එයත් එක්ක අවදානමකට යන්න ඕන නෑ. ඒ උණන් එයාගේ දක්‍ෂ නායකත්වය ඉදිරි සති දෙකේදී අපිට අහිමි වෙනවා” යැයි සී. එච්. පිලේ පුහුණුකරු රොනී ඊබ්‍රහිම් මහතා ‘ඬේලි එෆ්.ටී. පුවත්පතතට පවසා තිබුණි.  

නාවික හමුදා පිලට එරෙහිව කොළඹ තුරඟ තරග පිටියේදී හෙට (06) පස්වරුවේ පැවැත්වෙන තරගයට සහභාගි වීමට ඇඩම් ගවුඩර්, ශ්‍රී ලංකා රග්බි සංගමයේ අනුමැතිය ලබාගෙන තිබේ.

ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති ලසිත ගුණරත්න මහතා පැවසුවේ අන්තර්ජාතික රග්බි නීති රීතිවලට අනුව ක්‍රීඩකයකුගේ මුත්තා සහ මිත්තණිය ශ්‍රී ලංකාවේ උපත ලැබූවන් වීම නිසා ඇඩම් ගවුඩර්ට ක්‍රීඩා කිරීමට අනුමැතිය දුන් බවයි. 

 ඇඩම් ගවුඩර්ගේ පියා වන හිලරි රැල්ෆ් ගවුඩර් මහතා කොළඹ උපත ලබා කාර්මික සැළසුම් ශිල්පියකු ලෙස කටයුතු කරමින් සිටියදී ඕස්ටේ්‍රලියාවේ පදිංචියට ගොස් තිබේ. ඇඩම් ගවුඩර්, ඕස්ට්‍රේලියාවේ ගොල්ඞ් කෝස්ට්හි, ක්වින්ස්ලන්ඞ් රග්බි සංගමයට අනුබද්ධ බොන්ඞ් විශ්වවිද්‍යාල කණ්ඩායම නියෝජනය කරයි.   

ඡායාරූපය - චතුර එස්. කොඩිකාර

- 048


අදහස් (0)

යෝෂිත රාජපක්‍ෂට දෙසතියක විවේකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.