Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රග්බි තරගවල මට්ටම පාලනය කිරීමේ සහ ක්‍රීඩාවට ගුණාත්මකභාවයක් එක් කිරීමේ අරමුණින් මෙරට පැවැත්වෙන රග්බි තරග ප්‍රමිතිකරණයට ලක් කිරීමට ශ්‍රී ලංකා රග්බි සංගමය තීරණය කොට තිබේ. ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති නසීම් මොහොමඞ් මහතා කියන පරිදි මේ සතියේ මුල් භාගයේ දී පැවැති විධායක කමිටු රැස්වීමක දී ගත් මේ තීන්දුව වහාම ක්‍රියාත්මක වන පරිදි බල පැවැත්වෙනු ඇත.
ඒ අනුව සෙසු කටයුතු කිරීමට පෙර තරග සංවිධායකයන් මවු සංගමය පිළිගත් තරගාවලි සඳහා ශ්‍රී ලංකා රග්බි සංගමයේ අනුමැතිය ලබාගත යුතුය.
“තරගාවලි ප්‍රමිතිකරණය කිරීමේ තීරණය ඔවුන්ට තරගාවලි පැවැත්වීමට අධෛර්යමත් කිරීම නෙවෙයි. ලෝක රග්බි සංගමයේ මාර්ගෝපදේශ වලට අනුව එම තරගාවලි හැඩ ගැස්විය යුතු ආකාරය ගැන ඔවුන්ට සහාය දැක්වීමටයි මේ උත්සාහ කරන්නේ”
“ඕනෑම වයස් කාණ්ඩයක තරගාවලියක් සංවිධානය කිරීමට සංවිධායකයන්ට ශ්‍රී ලංකා රග්බි සංගමයේ අනුමැතිය අවශ්‍ය වෙනවා. ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව සහ අනිකුත් දේවල් මෙන්ම එයත් තරගාවලියක් පැවැත්වීමට මූලික අවශ්‍යතාවක් වේවි” යයි මොහොමඞ් මහතා ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතට කීවේය.
ශ්‍රී ලංකා රග්බි සංගමයේ මේ සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳ එහි සියලුම අනුබද්ධිත සංගම්වලට දැනුම් දෙනු ලබන අතර නියමිත ක්‍රියා පටිපාටියට පිටින් යන ඕනෑම කණ්ඩායමක තරගාවලියකට තම ක්‍රියාදාමයේ කොටසක් ලෙස ශ්‍රී ලංකා රග්බි තරග තීරකවරුන්ගේ හා විනිසුරුවරුන්ගේ සංගමයෙන් විනිසුරුවරුන්ගේ සේවය ලබාදීම ශ්‍රී ලංකා රග්බි සංගමය මගින් අත්හිටුවනු ලැබේ.
අභ්‍යන්තර තොරතුරු අනුව ඇතැම් සංවිධායකයන් කනිෂ්ඨ වයස් කාණ්ඩ අතර තරගාවලි ගණනාවක්ම පවත්වනු ලබන්නේ නිශ්චිත තරගාවලි නීතිරීතිවලට අනුව නොවේ. මෑතකදී පැවැති තරගාවලියකදී පස්වරු 6.30ට විදුලි ආලෝක ධාරා මැද ආරම්භ කළ එක්තරා කනිෂ්ඨ රග්බි තරගාවලියක අවසන් මහා තරගයේ දී අර්ධ දෙකට මිනිත්තු 4 කාලයක් ලබා දෙමින් පැවැත්වූ බැව් ද වාර්තා විය.
මේ සති අන්තයේ දී අවුරුදු 12 න් පහළ වයස් කාණ්ඩයේ එක්තරා දස සාමාජික රග්බි තරගාවලියක් පවත්වනු ලැබුවේ ක්‍රීඩාංගණය කොටස් තුනකට බෙදා වෙන් කරමිනි. එය බොහෝ විට ක්‍රීඩා කිරීමේ නියමිත ඉඩ ප්‍රමාණයට වඩා අඩුවිය හැකිය. එවැනි තරගාවලි සියුම් පරීක්ෂණයට භාජනය කළ යුතු බවට රග්බි විශාරදයෝ පැමිණිළි කරති.
“අපිට බොහෝ අයගෙන් පැමිණිලි රාශියක් ලැබී තිබෙනවා. විශේෂයෙන් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව ගැනත්, අනිකුත් අවශ්‍යතා ගැනත් වැඩිපුර හිතන මවුපියන්ගෙන්”
“ඒ නිසා අපි තරගාවලි සැලැස්ම, තරග කොන්දේසි හා වෙනත් මාර්ගෝපදේශන, වෛද්‍ය පහසුකම් වැනි දේවල් සොයා බලනවා. ඔවුන් නිවැරැදි සැලැස්මට පිටින් යනවා නම් අපි ඔවුන්ට උපදෙස් දෙනවා. ඒ වගේම ඔවුන්ට අවශ්‍ය ප්‍රමිතියට අනුව තරගාවලිය පැවැත්වීමට අවශ්‍ය සහය ලබා දෙනවා”
“ මින් පසුව වෛද්‍ය කණ්ඩායමක් සහ ගිලන් රථයක් ඕනෑම තරගාවලියකට අනිවාර්යයි. ලෝක රග්බි සංගම් නීතිරිතිවලට අනුව සියලු කාර්යයන් සිදුකෙරෙන්නේ නම් අපි එවැනි තරගාවලි සඳහා අනුමැතිය දෙනවා. රග්බි සංගමයට එවිට වගකීමක් තිබෙනවා” යයි ඔහු වැඩි දුරටත් කීවේය.
යම්කිසි සංවිධානයක් හෝ කණ්ඩායමක් මේ ක්‍රියා පිළිවෙතට බාහිරව ඔවුන්ට අවශ්‍ය පරිදි තරගාවලියක් පවත්වන්නේ නම් එය පිළිගත් තරගාවලියක් බවට ශ්‍රී ලංකා රග්බි සංගමය සළකනු ලබන්නේ නැති බවද මොහොමඞ් මහතා කීවේය. එමෙන්ම එවැනි තරගාවලි සඳහා රග්බි සංගමයෙන් විනිසුරුවරුන් ලබා නොදෙන බැවින් ඒවා පැවැත්වීමෙන් පසුව ඇතිවන සියලු සිදුවීම්වල සම්පූර්ණ වගකීමත් එම කණ්ඩායම හෝ සංවිධානය බාරගත යුතු බවද ඔහු අවධාරණය කළේය.
“රග්බි දැන් ශ්‍රී ලංකාවේ විශාල වශයෙන් ව්‍යාප්ත වෙමිනුයි තිබෙන්නේ. කනිෂ්ඨ මට්ටමෙන් පැවැත්වෙන තරගාවලි ප්‍රමාණය පෙන්නුම් කරන්නේ නිසි ප්‍රමිතිකරණයක අවශ්‍යතාවයි”
“මෙය ශ්‍රී ලංකා රග්බි සංගමයේ සෑම අනුබද්ධිත සංගමයකටම මෙතැන් සිටම පිළිපැදිය යුතු මාර්ගෝපදේශයක්. ඔවුන් මෙය අනුගමනය කිරිමට අසමත්වුවහොත් පසුව සිදුවන කිසිදු අහිතකර සිදුවීමකදී මවු සංගමය ලෙස ශ්‍රී ලංකා රග්බි සංගමය කිසිදු ආකාරයකින් වගකීම බාරගන්නේ නෑ”
“මේ තීන්දුව සියලුදෙනාම අනුගමනය කළ යුතුයි. මෙය වහාම ක්‍රියාත්මකයි” යයිද මොහොමඞ් මහතා කීවේය.
- ද සන්ඩේ ටයිම්ස් අනුග්‍රහයෙනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.