Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මයිලෝ අනුග්රහයෙන් පැවැත්වෙන ජනාධිපති කුසලාන පිළමළුන් පිටුදැකීමේ පාසල් රග්බි තරගාවලියෙන් රාජකීය සහ ගල්කිස්ස සාන්ත තෝමස් කණ්ඩායම් දෙකම ඉවත්ව සිටිති. මෙම කණ්ඩායම් ඉවත්ව යාම හේතුවෙන් ජනාධිපති කුසලාන තරගාවලියට එක්වීමට වෙස්ලි විදුහලට සහ කුරුණෑගල මලියදේව විදුහලට අවස්ථාව උදා වී තිබේ.
මෙවර පාසල් රග්බි තරගවාරයේ ප්රබලතම කණ්ඩායම් දෙක ඉවත්වීම හේතුවෙන් හෙට ඇරැඹෙන ජනාධිපති කුසලාන තරගාවලිය විවෘත මුහුණුවරක් ගෙන තිබේ.
සුපුරුදු පරිදි මේ තරගාවලියට මෙවර ලීග් තරගාවලියේ කුසලානය දිනූ කණ්ඩායමත්, ඉන් පහළින් පසුවන කණ්ඩායම් 5 කුත් සමග පළඟ ශූරයන් සහ අනුශූරයන් සහභාගි වීමට නියමිතව තිබිණ. ලීග් ශූර රාජකීය විදුහල් පිලත්, පළඟ ශූරතාව දිනූ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් පිලත් ඔවුන්ගේ ක්රීඩකයන් වැඩිදෙනකු අ.පො.ස. උසස් පෙළ විභාගයට සූදානම් වන බැවින් මයිලෝ ජනාධිපති කුසලාන පිළමළුන් පිටුදැකීමේ පාසල් රග්බි තරගාවලියෙන් ඉවත්ව සිටිති.
පසුගිය වසරේ තරගාවලියේදී ඉතිහාසය අලුතින් සටහන් කළ මරදාන ශාන්ත ජෝශප් විදුහල් පිල අවසන් මහා තරගයේ දී ඉසිපතනය ලකුණු 19-13 කින් පරදවා සිය මංගල කුසලානය අත්කර ගැනීමට සමත්විය. එවරත් ලීග් ශූරතාව ජයගත් රාජකීය විදුහල් පිල පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියට එක්වූයේ නැත.
හෙට ආරම්භ වන මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ එක් අර්ධ අවසන් පූර්ව තරගයක් සහ අවසන් මහා තරගය හැර සෙසු තරග සියල්ල පැවැත්වීමට නියමිතව ඇත්තේ සුගතදාස ක්රීඩාංගණයේදීය. ඉහත කී ඉතිරි තරග 2 කොළඹ තුරඟ තරග පිටියේ පැවැත්වෙයි.
තරග කාල සටහන මෙසේය
ජූනි 16 - ශාන්ත ජෝශප් සහ මලියදේව විදුහල් අතර සුගතදාස ක්රීඩාංගණය
ජූනි 17 - කිංග්ස්වුඞ් සහ ත්රිත්ව විදුහල් අතර සුගතදාස ක්රීඩාංගණය
ජූනි 18 - ඉසිපතන සහ වෙස්ලි විදුහල් අතර සුගතදාස ක්රීඩාංගණය
ජූනි 18 - ශාන්ත පීතර සහ ශාන්ත අන්තෝනි විදුහල් අතර තුරඟ තරග පිටිය
ජූනි 23- පළමු අවසන් පුර්ව තරගය - සුගතදාස ක්රීඩාංගණය
ජූනි 24 - දෙවැනි අවසන් පූර්ව තරගය - සුගතදාස ක්රීඩාංගණය
ජූනි 30 - අවසන් මහා තරගය - තුරඟ තරග පිටිය
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.