Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner රාජකීයයෝ ‘බ‍්‍රැඞ්බි පළිහ’ රග්බි ශූරතාව දිනති

රාජකීයයෝ ‘බ‍්‍රැඞ්බි පළිහ’ රග්බි ශූරතාව දිනති

සංජය එරමුදුගොඩ - 2015 මැයි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත‍්‍රිත්ව විදුහල අතර 71 වැනි ‘බ‍්‍රැඞ්බි පළිහ’ වාර්ෂික රග්බි තරගයේ කොළඹදී අද (23) පැවැති දෙවැනි අදියර ලකුණු 49-0 කින් ජය ලැබූ රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ මෙවර තරගය ලකුණු 72-22 ක් ලෙස ජය ලැබීමට සමත් වූහ.

රාජකීය විදුහල ‘බ‍්‍රැඞ්බි පළිහ’ රග්බි තරගය ජය ලැබූ 31 වැනි වසර මෙය වන අතර ත‍්‍රිත්ව විදුහල 39 වසරක් ජය ලබා තිබේ.

රාජකීය විදුහල මෙම ජයග‍්‍රහණයත් සමඟ වසර හතරකට පසුව ‘බ‍්‍රැඞ්බි පළිහ’ රග්බි තරගය කොළඹ නවතා ගැනීමට සමත් විය. ත‍්‍රිත්ව විදුහල 2011 වසරේ සිට පිට පිටම වසර හතරක් අඛණ්ඩව ජය ලබා තිබූ වාර්තාව මේ සමඟ බිඳ වැටුණි.

රාජකීය විදුහල් රග්බි පිටියේදී අද පැවැති දෙවැනි අදියර තරගය ආරම්භයේ සිටම රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ තරගයේ පාලනය සිතට ගැනීමට සමත් වූහ. එහි ප‍්‍රතිඵලයෙන් ලකුණු 18-0 ක් ලෙස රාජකීය විදුහල පෙරමුණේ සිටියදී පළමු අර්ධය අවසන් විය.

ජයග‍්‍රාහි රාජකීය විදුහල ගෝල 4 කින්, උත්සාහක දිනුම් 3 කින් සහ දඩුවම් පහර 2 කින් ලකුණු ලැබීය. ත‍්‍රිත්ව විදුහලට ලකුණු රැස්කිරීමට නොහැකි වීම කැපී පෙනේ.

පල්ලේකැළේ පැවැති පළමු අදියර රාජකීය විදුහල ලකුණු 23-22 ක් ලෙස ජය ලැබූ අතර අදියර දෙකේම ලකුණු එකතුවෙන් තරගයේ ජය හිමිවේ.


- 048

 

71 වැනි ‘බ‍්‍රැඞ්බි පළිහ’ වාර්ෂික රග්බි තරගය

ඡායාරූප - ශාන්ත රත්නායක


අදහස් (0)

රාජකීයයෝ ‘බ‍්‍රැඞ්බි පළිහ’ රග්බි ශූරතාව දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.