Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලසිඳු කරුණාතිලක තැබූ තීරණාත්මක උත්සහක දිනුම දුලාජ් පෙරේරා විසින් ගෝලයක් බවට පත් කරනු ලැබීම නිසා අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ මෙතෙක් අපරාජිතව ඉදිරියෙන් පසුවූ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයත්, නාවික හමුදා ක්‍රීඩා සමාජයත් අතර ඊයේ පැවැති අපරාජිතයන්ගේ සටනෙන් ලකුණු 26-19ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට හැව්ලොක්ස් පිල සමත් විය. මෙම ජයත් සමගින් හැව්ලොක්ස් පිල සිය තවදුරටත් සිය අපරාජිතභාවය රැක ගත්තේය.
හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේ විදුලි ආලෝකධාරා මැද පැවැති මේ තරගයේ අවසන් මිනිත්තු කිහිපය දක්වාම ක්‍රීඩාලෝලීන්ගේ දෑස් විසල් කරමින් පැවැති තරගයේදී දෙපිලම නිරත වූ කරට කර සටනක නිරත වූහ. එය නිමාවට පත්වූයේ ලසිඳු කරුණාතිලක තීරණාත්මක උත්ාසහක දිනුම දුලාජ් පෙරේරා විසින් ගෝලයක් බවට පත් කරනු ලැබීමෙනි.
තරගයේ තුන්වැනි මිනිත්තුවේ දී දුලාජ් පෙරේරා දඬුවම් පහරක් සාර්ථක කරමින් ලකුණු 3-0 කින් හැව්ලොක්ස් පිල පෙරමුණට තැබීමෙන් පසුව පළමු භාගය නිමාවනතෙක්ම යළි ලකුණු රැස් කිරීමට ඉඩ නොදුන් නැවියන් තරගයේ පාලනය සියතට ගෙන පළමුභාගය නිමාකරගත්තේ ලකුණු 13-3 කින් පෙරමුණ රැක ගනිමිනි.
තිළිණ වීරසිංහ 5 වැනි මිනිත්තුවේ දී දඬුවම් පහරක් සාර්ථක කිරීමෙන් ඇරැඹුණු නැවියන්ගේ ලකුණු මල්ල තරවූයේ ඔහුගේම තවත් දඬුවම් පහරකින් සහ දුලාංජන විජේසිංහ තැබූ අනගි උත්සාහක දිනුමකිනි. එය ගෝලයක් බවට පත් කිරීමට තිළිණ සමත්විය.
එහෙත් නැවියන්ගේ ලකුණු සංඛ්‍යාව සම කිරීමට දෙවැනි භාගයේ දී හැව්ලොක්ස් පිලට වැය වූයේ මිනිත්තු 9 ක් පමණි. දුලාජ් පෙරේරාගේ සාර්ථක දඬුවම් පහරකින් ලකුණු පරතරය 13-6 කින් අඩුකර ගත් හැව්ලොක්ස් පිලට සහනයක් ගෙන දුන්නේ 49 වැනි මිනිත්තුවේ දී ශෙනාල් දීලක තැබූ උත්සාහක දිනුමය. එය ගෝලයක් බවට පත් කළ දුලාජ් දෙපිලේ ලකුණු සංඛ්‍යාව 13-13 ක් ලෙස සම කළේය.
ඊළඟ මිනිත්තු කිහිපයේ දී හැව්ලොක්ස් පිලේ දුලාජ් පෙරේරා මෙන්ම නාවික හමුදා පිලේ තිළිණ වීරසිංහත් කාර්ය බහුල කරමින් දෙපිල අතර දඬුවම් පහර 4 ක් හුවමාරු වීමත් සමග තරගයේ 72 වැනි මිනිත්තුව වෙද්දී දෙපිලම සිටියේ ලකුණු 19 බැගින් සම තත්ත්වයෙනි. ඉතිරි මිනිත්තු කිහිපය අතිශය තීරණාත්මක බව දෙපිලම දැන සිටි අතර තරගයේ ජයග්‍රහණයත් දෙපිලටම විවෘතව තිබිණි.
හැව්ලොක්ස් පිලට ජයගෙන දුන් ලසිඳුගේ උත්සාහක දිනුම වාර්තා වුයේ තරගය නිමාවීමට මිනිත්තු 3 කට පෙරය.
හැව්ලොක්ස් පිල තරගය පුරා ගෝල් 2 ක් සහ දඬුවම් පහර 4ක් සාර්ථක කිරීමට සමත්වූ අතර නාවික හමුදා පිලට ලබාගත හැකිවූයේ ගෝලයක් සහ දඬුවම් පහර 4ක් පමණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.