Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සහ නෙස්ලේ ලංකා සමාගම (මයිලෝ) එක්ව සංවිධානය කරන අන්තර් පාසල් වයස 20 න් පහළ ‘ජනාධිපති කුසලාන’ පිළිමළුන් පිටු දැකීමේ රග්බි තරගාවලිය ආරම්භ කරමින් කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී ඊයේ (28) පැවැති තරගයේදී ගල්කිස්ස විද්‍යා විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 27-22 කින් ශාන්ත පීතර විදුහල පරාජය කිරීමට සමත් වූහ.
ජයග‍්‍රාහි විද්‍යා විද්‍යාලය ගෝල 2 කින්, උත්සාහක දිනුම් 2 කින් සහ දඩුවම් පහරකින් ලකුණු ලැබූ අතර ශාන්ත පීතර විදුහලට ගෝලයකින් සහ උත්සාහක දිනුම් 3 කින් ලකුණු එකතු විය.
විද්‍යා විද්‍යාලය පළමු අර්ධය අවසන් වන විට ලකුණු 22-5 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වූ අතර ශාන්ත පීතර විදුහල් ක‍්‍රීඩකයෝ දෙවැනි අර්ධයේදී 17 ක් රැුස්කරමින් ආසන්නට පැමිණීමට සමත් වූහ.
විද්‍යා විද්‍යාලය වෙනුවෙන් උත්සාහක දිනුම් තුනම ඩබ්ලිව්. ඒ. එස්. ඩිල්ෂාන් සම්පූර්ණ සම්පූර්ණ කිරීම කැපී පෙනුණි. ආර්. පී. මධුරංග ගෝල ප‍්‍රවර්ථන, දඩුවම් පහර උත්සාහක දිනුම සහ දඩුවම් පහර සාර්ථක කළේය.
ශාන්ත පීතර විදුහලට නිෂෝන් පෙරේරා, ඞී. සී. ප‍්‍රනාන්දු, ෂෙරින් ඩික්සන් සහ නරේන්ද්‍ර පෙරේරා උත්සාහක දිනුම බැගින් එක් කළ අතර සන්දේෂ් ජයවික‍්‍රම ගෝල ප‍්‍රවර්තනය කළේය.
විද්‍යා විද්‍යාලය සහ කොළඹ රාජකීය විදුහල අතර අවසන් පූර්ව තරගය රාජකීය විදුහල් රග්බි පිටියේදී ජූලි මස 4 වැනිදා පැවැත්වීමට නියමිතය.
තරගාවලියේ දෙවැනි තරගය මහනුවර ත‍්‍රිත්ව විදුහල සහ ඞී. එස්. සේනානායක විදුහල අතර රාජකීය විදුහල් රග්බි පිටියේදී අද (29)පැවැත්වේ.
ඡායාරූපය ඒෂාන් ප්රනාන්දු
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.