Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner විද්‍යා විද්‍යාලය අවසන් මහ තරගයට

විද්‍යා විද්‍යාලය අවසන් මහ තරගයට

ශනුක අරවින්ද - 2015 ජුලි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සහ නෙස්ලේ ලංකා සමාගම (මයිලෝ) එක්ව සංවිධානය කරන අන්තර් පාසල් වයස 20 න් පහළ ‘ජනාධිපති කුසලාන’ පිළිමළුන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට ගල්කිස්ස විද්‍යා විද්‍යාල ක‍්‍රීඩකයෝ අද (06) සමත් වූහ.

ඉසිපතන විදුහල සහ විද්‍යා විද්‍යාලය අතර අවසන් මහ තරගය කොළඹ රාජකීය රග්බි පිටියේදී මේ මස 12 වැනිදා පැවැත්වීමට නියමිතය.

කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස විද්‍යා විද්‍යාලය අතර හැව්ලොක්ස් පිටියේදී ඊයේ (06) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයෙන් විද්‍යා විද්‍යාල පිල ලකුණු 52-26 ක පහසු ජයක් ලැබීය. තරගයේ පළමු අර්ධය අවසන් වන විට විද්‍යා විද්‍යාලය ලකුණු 38-5 ක් ලෙස පෙරමුණේ පසු විය.

ජයග‍්‍රාහි විද්‍යා විද්‍යාලය ගෝල 6 කින් සහ උත්සාහක දිනුම් 2 කින් ලකුණු ලැබීය. රාජකීය විදුහලට ගෝල 2 කින්, දඩුවම් ගෝලයකින් සහ උත්සාහක දිනුමකින් ලකුණු එකතු විය.

විද්‍යා විද්‍යාලයට එල්. අයි. කරුණාතිලක, හෂාන් මධුමාධව, යූ. බී. මධුසංඛ, ඒ. එස්. ඩිල්ෂාන්, ඒ. ටී. මධුරංග සී. ජේ. සිල්වා, තරි`දු මධුරංග සහ ආර්. එස්. ඩිල්ෂාන් උත්සාහක දිනුම් බැගින් සම්පූර්ණ කිරීමට සමත් වූහ. තරි`දු මධුරංග ගෝල ප‍්‍රවර්ථන 6 ක් සාර්ථක කළේය.

රාජකීය විදුහලේ එම්. ඒ. ෆජුර්ඞීන්, ගයාල් ජයසිංහ සහ කේෂාන් පීරිස් උත්සාහක දිනුම බැගින් සම්පූර්ණ කළහ. ඔවින් ඇස්කි දඩුවම් ගෝලය සහ ගෝල ප‍්‍රවර්ථන සාර්ථක කළේය.

මෙවර ලීග් ශූරයන් වූ ප‍්‍රබල රාජකීය විදුහල මෙම තරගයට සහභාගි වූයේ එම තරගාවලියට සහභාගි වූ ප‍්‍රබල ක‍්‍රීඩකයන් 8 දෙනකු නොමැතිවය.


අදහස් (0)

විද්‍යා විද්‍යාලය අවසන් මහ තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.