Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන ‘ශ්‍රී ලංකා සුපර් 7’ සත් සාමාජික රග්බි තරගාවලියට විදේශ ප්‍රබල ක්‍රීඩකයන් 24 දෙනකු සහභාගි වන බව ශ්‍රී ලංකා රග්බි සංගමයේ උප සභාපති ලසිත ගුණරත්න මහතා පැවසීය.
මීට පෙර පැවැති ‘කාල්ටන්’ සත් සාමාජික රග්බි තරගාවලියට සමාන ආකාරයට පැවැත්වෙන මෙවර තරගාවලියට කණ්ඩායම් 8 ක් සහභාගි වන අතර එක කණ්ඩායමකට විදේශ ක්‍රීඩකයෝ තිදෙනා බැගින් ඇතුළත් වෙති.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ව්‍යාපාරික ආයතනය අනුග්‍රහය දක්වන මෙම කණ්ඩායම් අටේ ක්‍රීඩකයන්ට එම ආයතනවලින් ගෙවීම් කරයි.
මෙවර තරගාවලියේ පළමු අදියර අගෝස්තු මස 5 සහ 6 දෙදින ද, දෙවැනි අදියර අගෝස්තු මස 12 සහ 13 දෙදින ද, පැවැත්වීමට නියමිතය. අදියර දෙකම කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී පැවැත්වෙන අතර තරග පස්වරු 1.00 සිට රාත්‍රී 10.00 දක්වා පැවැත්වේ.
පළමු අදියර කණ්ඩායම් හතර බැගින් කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙන අතර එම අදියරේ ලබාගන්නා ලකුණු අනුව කණ්ඩායම් දෙවැනි අදියරේදී කාණ්ඩගත කෙරේ. එහිදී කුසලාන, පළඟ, බඳුන සහ පළිහ ශූරතා සඳහා තරගාවලිය පැවැත්වේ.
මෙම තරගාවලියට සමගාමීව අන්තර් පාසල් වයස 18 න් පහළ සත් සාමාජික රග්බි තරගාවලියක් පැවැත්වෙන අතර එම තරගාවලිය ද මෙම තරගාවලිය පැවැත්වෙන දිනවලම පැවැත්වේ.
ඉසිපතන, ගල්කිස්ස සාන්ත තෝමස්, බම්බලපිටිය ශාන්ත පීතර, කටුගස්තොට ශාන්ත අන්තෝනි, වෙස්ලි, මරදාන ශාන්ත ජෝශප්, මරදාන සහිරා සහ කොළඹ ඩී. එස්. සේනානායක යන විදුහල් මෙම අන්තර් පාසල් තරගාවලියට සහභාගි වීමට නියමිතය.
මෙම තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති අසංග සෙනෙවිරත්න මහතා පැවසුවේ ‘කාල්ටන්’ රග්බි තරගාවලියේදී තම සංගමය සහයෝගය දැක්වීම පමණක් කළ බවත් මෙවර තරගාවලියේ සම්පූර්ණ වගකීම් සංගමය දරණ බවත්ය.
එහිදී ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවේ අනාගතය පිළිබඳව අවධානය යොමු කරමින් හදිසියේ වුවද මෙම තරගාවලිය සංවිධානය කළ බවයි.
මෙම තරගාවලියේ සංවිධාන කටයුතුවලට සක්‍රියව දායකත්වය සපයන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ මෙම තරගාවලිය ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි පිලේ ඉදිරි තරගාවලිය ඉලක්ක කරමින් සංවිධානය කළ බවයි.
“මෙහි පළමු අදියර මහනුවර පැවැත්වීමටයි සැළසුම්කර තිබුණේ. නමුත් ඒ දිනවල දළදා පෙරහැර පැවැත්වෙන නිසා අපි අදියර දෙකම කොළඹ පැවැත්වීමට තීරණය කළා. ජාතික කණ්ඩායම සහ වයස 18 න් පහළ කණ්ඩායම මේ මාසයෙන් පසුව විදේශ තරගාවලි කීපයකට සහභාගිවීමට නියමිතව සිටීම නිසා තරගාවලිය කල්දාන්න බෑ” යැයි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් පැවසීය.
මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රහකයා ලෙස ‘ඩයලොග්’ ආයතනය කටයුතු කරයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.