Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner වෙස්ලි ක‍්‍රීඩකයෝ ත‍්‍රිත්ව පරදා ජනාධිපති කුසලාන දිනති

වෙස්ලි ක‍්‍රීඩකයෝ ත‍්‍රිත්ව පරදා ජනාධිපති කුසලාන දිනති

දිලිනි මල්රුක්ෂි - 2013 ජුලි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 20 න් පහළ පිළිමඵන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ ශූරයන්ට පිරිනැමෙන  ‘ජනාධිපති’ කුසලාන දිනා ගැනීමට කොළඹ වෙස්ලි විදුහල් ක‍්‍රීඩකයෝ සමත් වූහ.

පාසල් රග්බි සංගමය ‘මයිලෝ’ අනුග‍්‍රහයන් 22 වැනි වරටත් සංවිධානය කළ මෙම තරගාවලියේ අද (14 වැනිදා) කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේ පැවැති අවසන් මහා තරගයේදී රාහුල් ද සිල්වාගේ නායකත්වයෙන් යුත් වෙස්ලි විදුහල් පිල මහනුවර ත‍්‍රිත්ව විදුහලට එරෙහිව ලකුණු 34-21 ක පහසු ජයක් ලැබීමට සමත් විය.

වසර 58 ක රග්බි ඉතිහාසයකට හිමිකම් කියන වෙස්ලි විදුහල ප‍්‍රධානතම තරගාවලියක ශූරතාව දිනූ පළමු අවස්ථාව මෙය වේ. වෙස්ලි විදුහල 2004 වසරේ ‘ජනාධිපති’ කුසලාන තරගාවලියේ අනු ශූරයන් වීම මීට පෙර ඔවුන්ගේ ඉහළම දස්කම් වේ. 

ජයග‍්‍රාහි වෙස්ලි විදුහල ගෝල 3 කින්, උත්සාහක දිනුම් 2 කින් සහ ද`ඩුවම් පහරකින් ලකුණු ලැබීය. ත‍්‍රිත්ව විදුහලට ගෝලයකින්, උත්සාහක දිනුමකින්, දඩුවම් පහර 2 කින් සහ ඩ්‍රොප් ගෝලයකින් ලකුණු එකතු විය.

තරගයේ පළමු අර්ධය අවසන් වන විට ත‍්‍රිත්ව විදුහල ලකුණු 13-8 ක් ලෙස පෙරමුණේ පසුවිය. වෙස්ලි විදුහල් ක‍්‍රීඩකයෝ දෙවැනි අර්ධයේ පළමු මිනිත්තු 10 තුළදී සත් සාමාජික රග්බි තරගයක් සිහියට නංවමින් ගෝල දෙකක් සහ උත්සාහක දිනුමක් සම්පූර්ණ කරමින් ලකුණු 27-13 ක් ලෙස පෙරමුණට පැමිණීමට සමත් වූහ.

දෙවැනි අර්ධයේ 13 වැනි මිනිත්තුවේදී ත‍්‍රිත්ව විදුහල සාර්ථක කරගත් දඩුවම් පහරත් සමගින් ලකුණු තත්ත්වය 27-16 ක් බවට පත්විය. ඉන් විනාඩි දෙකකට පසුව වෙස්ලි විදුහල නැවතත් ත‍්‍රිත්ව විදුහල් ඉදිරි පෙළ බිඳගෙන සම්පූර්ණ කළ ගෝලයත් සමගින් ලකුණු පුවරුව 34-16 ක් බවට පත්විය.

ත‍්‍රිත්ව විදුහල 38 වැනි මිනිත්තුවේදී උත්සාහක දිනුමක් සම්පූර්ණ කරමින් ලකුණු තත්ත්වය 34-21 ක් බවට පත් කළ ද ජයග‍්‍රහණයට එය ප‍්‍රමාණවත් නොවීය.

විනිසුරු නිෂාම් ජමාල්ඞීන් මහතාගේ නළා හඩින් තරගය ආරම්භ වී පළමු මිනිත්තුවේදීම වෙස්ලි විදුහලේ ජී. පී. සිගරේට් උත්සාහක දිනුමක් සම්පූර්ණ කරමින් ලකුණු 5-0 ක් ලෙස ලකුණු පුවරුව ක‍්‍රියාත්මක කළේය.

පළමු අර්ධයේ 30 වැනි මිනිත්තුවේදී ගෝලයක් සම්පූර්ණ කළ ත‍්‍රිත්ව විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 10-5 ක් ලෙසර පෙරමුණට පැමිණීමට සමත් වූහ.

වෙස්ලි විදුහල වෙනුවෙන් ආර්. ජේ. තිලකරත්න උත්සාහක දිනුම් දෙකක් ද, ජී. පී. සිගරේට්, ටී. එච්. මධුවන්ත සහ ඞී. ජුරම්පති උත්සාහක දිනුම බැගින් ද, සම්පූර්ණ කිරීමට සමත් වූහ. නායක රාහුල් ද සිල්වා ගෝල ප‍්‍රවර්ථන තුනක් සහ දඩුවම් පහරක් සාර්ථක කරගත්තේය.

වෙස්ලි විදුහල වෙනුවෙන් එස්. ඇතුල්ගම සහ ශෂාන් රෂ්මින් උත්සාහක දිනුම බැගින් සම්පූර්ණ කළහ. තරින්ද රත්වත්ත විශිෂ්ට ලෙස ක‍්‍රීඩා කරමින් ඩ්‍රොප් ගෝලයක්, දඩුවම් පහර දෙකක් සහ ගෝල ප‍්‍රවර්ථනයක් සාර්ථක කිරීමට සමත් විය.


අදහස් (0)

වෙස්ලි ක‍්‍රීඩකයෝ ත‍්‍රිත්ව පරදා ජනාධිපති කුසලාන දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.