Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner ශ්‍රී ලංකා කණ්ඩායමට පහසු ජයක්

ශ්‍රී ලංකා කණ්ඩායමට පහසු ජයක්

සංජය එරමුදුගොඩ - 2019 මැයි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මැලේසියාවේ පුහුණු තරග සංචාරයකට සහභාගි වී සිටින ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම සහභාගි වූ පළමු තරගයේදී ලකුණු 55-14 කින් මැලේසියා බාබේරියන්ස් පිල පරාජය කළේය.

මෙම තරගය ඊයේ (02) ක්වාලාම්පූර්හිදී පැවැති අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 41-14 ක් ලෙස පෙරමුණේ පසුවූහ.

ශ්‍රී ලංකා පිල ගෝල පහකින් සහ උත්සාහක දිනුම් හතරකින් ලකුණු රැස්කිරීමට සමත් විය. බාබේරියන්ස් පිල ගෝල දෙකක් පමණක් සම්පූර්ණ කළේය.

ශ්‍රී ලංකා පිලට යුද හමුදා ක්‍රීඩක සුදාරක දික්කුඹුර උත්සාහක දිනුම් තුනක් එකතු කිරීමට සමත් විය. නායක ඔමල්ක ගුණරත්න, රීසා රෆයිඩීන්, අනුරාධ හේරත්, සජිත් සාරංග, ගිහාන් පෙරේරා සහ මිතුන් හපුගොඩ උත්සාහක දිනුම බැගින් සම්පූර්ණ කළහ. සැමුවෙල් මධුවන්ත ගෝල ප්‍රවර්ථන පහක් සාර්ථක කළේය.

ශ්‍රී ලංකා පිල සහභාගි වන දෙවැනි සහ අවසන් පුහුණු තරගය අද (03) ක්වාලාම්පූර්හිදීම පැවැත්වීමට නියමිතය.

 

ඡායාරූපය : ඇල්සි කාසිම්

- 048


අදහස් (0)

ශ්‍රී ලංකා කණ්ඩායමට පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.