Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner ශ්‍රී ලංකා කී‍්‍රඩිකාවෝ තරග බිමේ

ශ්‍රී ලංකා කී‍්‍රඩිකාවෝ තරග බිමේ

සංජය එරමුදුගොඩ - 2016 අප්‍රේ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හොං කොංහිදී අද (8) සහ හෙට (9) පැවැත්වෙන ආරාධිත සත් සාමාජික කාන්තා රග්බි තරගාවලිය සඳහා කී‍්‍රඩිකාවන් 12 දෙනෙකුගෙන් සහ නිලධාරිණියන් සිව්දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගි වේ.

ශ්‍රී ලංකාව, ජපානය, ආජන්ටිනාව, තායිලන්තය සහ සත්කාරක හොං කොං දේශය ‘බී’ කාණ්ඩයෙන් තරගවදින අතර ප‍්‍රංශය, දකුණු අපි‍්‍රකාව, කසකස්තානය, චීනය සහ කෙන්යාව ‘ඒ’ කාණ්ඩයෙන් එක්ව සිටියි.

මූලික වටයේ තරග ලීග් ක‍්‍රමයට පැවැත්වෙන අතර බඳුන, පළඟ, සහ කුසලාන ලෙස ශූරතා 3 ක් සඳහා තරග පැවැත්වේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ලෙස රන්දිකා කුමුදුමාලි කටයුතු කරන අතර පුහුණුකාරිණිය ලෙස නවසීලන්ත ජාතික ලින්ඩා ඉටනු කටයුතු කරන්නීය.
සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල්ස් පුද්ගලික සමාගම ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල අනුග‍්‍රාහකයා ලෙස කටයුතු කරයි.


ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩයම -

රන්දිකා කුමුදුමාලි (නායිකා), අනුෂා අත්තනායක, අයේෂා කළුආරච්චි, දුලානි පල්ලික්කොණ්ඩගේ, නදීකා මුණිසිංහ, තිළිණි විජේකෝන්, දසුනි ද සිල්වා, මංජුල එදිරිසිංහ, සන්දිකා හේමකුමාරි, සංජීවනී විජේතිලක, ශානිකා මධුමාලි, වාසනා වීරක්කොඩි, රූපිකා ජයසිංහ (කලමනාකාරිණිය), ලින්ජා ඉටනු (පුහුණුකාරිණිය), තිළිණි ජයවර්ධන, (භෞතචිකිත්සක) සහ ඒ. ඩබ්ලිව්. චෑන්ග් (නිලධාරිනී)

 

- 036


අදහස් (0)

ශ්‍රී ලංකා කී‍්‍රඩිකාවෝ තරග බිමේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.