Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner ශ්‍රී ලංකාව පහළට ඇද වැටීමේ අවදානමක්

ශ්‍රී ලංකාව පහළට ඇද වැටීමේ අවදානමක්

සංජය එරමුදුගොඩ - 2017 මැයි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මැලේසියාවේ ඉපෝ නුවරදී අවසන් වූ ආසියානු පළමු කොටසේ රග්බි තරගාවලියේදී ආසියානු ශ්‍රේණිගත කිරීමේ සිවුවැනි ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීමේ හත්වැනි ස්ථානයේ පසුවූ මැලේසියාව හමුවේ පරාජයට පත්වීමත් සමඟ ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීමේ පහළට වැටීමේ අවදානමකට පත්ව තිබේ.
 
ආසියානු තරගාවලියට පෙර ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 49.79 ක් ලබා අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අනුව ආසියාවේ සිවුවැනි ස්ථානයේද, කසකස්තානය ප්‍රසාද ලකුණු 48.14 ක් ලබා පස්වැනි ස්ථානයේද පසුවිය. ඒ වන විට මැලේසියාව ප්‍රසාද ලකුණු 43.53 ක් ලබා ආසියානු ශේණිගත කිරීම් අතරේ හත්වැනි ස්ථානයේ සිටියේය.

ආසියානු ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුව 2015 වසරේ නොවැම්බර් මස 23 වැනිදායින් පසුව යාවත්කාලීන කර නොමැත.

ලෝක ශ්‍රේණිගත කිරීමේ මෙම මස 14 වැනිදා යාවත්කාලීන කිරීමෙන් පසු ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 48.27 ක් ලබා 41 වැනි ස්ථානයේ ද, කසකස්තානය ප්‍රසාද ලකුණු 48.14 ක් ලබා 42 වැනි ස්ථානයේ ද, පසු වෙයි.  

ශ්‍රී ලංකාව ආසියානු තරගාවලියේදී ලෝක ශ්‍රේණිගත කිරීමේ 7 වැනි ස්ථානයේ සිටින මැලේසියාව හමුවේ පරාජයට පත්වීමෙන් කසකස්තානය ඉහළ පැමිණිමට ඉඩ තිබේ.

ශ්‍රී ලංකා පිල එහිදී ලකුණු 22-9 ක් ලෙස මැලේසියාව හමුවේ පරාජයට පත්වූ අතර පිලිපීනය සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යය පරාජය කළේය.  

ආසියානු ශ්‍රේණිගත කිරීමේ හයවැනි ස්ථානයේ සිටින පිලිපීනය ලෝක ශ්‍රේණිගත කිරීමේ 57 වැනි ස්ථානයේ ද, 14 වැනි ස්ථානයේ පසු වන එක්සත් අරාබි එමිර් රාජ්‍යය ලෝක ශ්‍රේණිගත කිරීමේ 73 වැනි ස්ථානයේ ද, පසු වෙයි.  

ආසියානු ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ සිට ජපානය ලෝක ශ්‍රේණිග කිරීමේ 11 වැනි ස්ථානයේ ද, දෙවැනි සහ තෙවැනි ස්ථානවල සිටින හොං කොං සහ දකුණු කොරියාව ලෝක ශ්‍රේණිගත කිරීමේ 26 සහ 28 වැනි ස්ථානවල ද පසු වෙති.

 


අදහස් (0)

ශ්‍රී ලංකාව පහළට ඇද වැටීමේ අවදානමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.