Last Update  :  2024-11-24 21:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner ශ්‍රී ලංකාවෙන් සමබර කණ්ඩායමක්

ශ්‍රී ලංකාවෙන් සමබර කණ්ඩායමක්

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවේ පළමු අදියර වන හොං කොං සත් සාමාජික රග්බි තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම ජ්‍යෙෂ්ඨ සහ තරුණ ක්‍රීඩකයන්ගේ සුසංයෝගයක් බව ජාතික රග්බි තේරීම් කමිටුවේ සභාපති රොහාන් අබේකෝන් මහතා පැවසීය.

“ඉන්දුනිසියාවේදී පැවැති ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වූ කණ්ඩායමේ ක්‍රීඩකයන් සිවුදෙනකු මෙම තරගාවලිය වන විට ආබාධ හේතුවෙන් අහිමිවුණා. ඒ හේතුවෙන් මෙම කණ්ඩායම තේරීම අභියෝගයක් බවට පත්වුණා.....එම ක්‍රීඩකයන් අහිමිවීමෙන් ඇතිවූ අඩුව පිරවීම සඳහා තරුණ සහ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් මෙම තරගාවලිය සඳහා නම් කළා” යැයි තේරීම් කමිටු සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය.

මෙම තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙස ශ්‍රීනාත් සූරියබණ්ඩාර කටයුතු කරයි.  
ප්‍රබල ක්‍රීඩකයන් වන ධනුෂ්ක රංජන් සහ සුදර්ශන මුතුතන්ත්‍රි ආබාධයන්ට ලක්වීම නිසා මෙම තරගාවලිය අහිමිවීම ශ්‍රී ලංකාවට දැඩි පාඩුවක් බවට පත්ව තිබේ.

මෙම තරගාවලිය හෙට සහ අනිද්දා (14 සහ 15) හොංකොංහිදී පැවැත්වෙන අතර ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය චීනයට එරෙහිව හෙට (14) පස්වරුවේ පැවැත්වේ.  


ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි පිල:
ඉදිරි පෙළ වමේ සිට: සුදම් සූරිආරච්චි, නවීන් හේනකංකානම්ගේ, ශ්‍රීනාත් සූරියබණ්ඩාර සහ කෙවින් ඩික්සන්
 පසු පෙළ වමේ සිට: දනූෂ් දයාන්, බුද්ධිම පියරත්න, රීෂා රෆායිඩීන්, අදීෂ් වීරසිංහ, කවිඳු පෙරේරා, ගයාන් වීරරත්න සහ දිනුක් අමරසිංහ,

 

ඡායාරූපය: කිත්සිරි ද මෙල්
 

 


අදහස් (0)

ශ්‍රී ලංකාවෙන් සමබර කණ්ඩායමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.