Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner ශා. ජෝශප් විදුහලට ලකුණු 43-29 ක ජයක්

ශා. ජෝශප් විදුහලට ලකුණු 43-29 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2017 ජුනි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සහ නෙස්ලේ ලංකා සමාගම (මයිලෝ) එක්ව සංවිධානය කරන අන්තර් පාසල් වයස 20 න් පහළ ‘ජනාධිපති කුසලාන’ පිළිමළුන් පිටු දැකීමේ රග්බි තරගාවලිය ආරම්භ කරමින් සුගතදාස ක්‍රීඩාංගණයේදී අද (09) පැවැති තරගයේදී මරදාන ශාන්ත ජෝශප් විදුහල් ක්‍රීඩකයෝ ලකුණු 43 - 29 කින් වෙස්ලි විදුහල පරාජය කිරීමට සමත් වූහ.

ජයග්‍රාහි ශාන්ත ජෝශප් විදුහල පිල ගෝල 5 කින්, උත්සාහක දිනුමකින් සහ දඬුවම් පහරකින් ලකුණු 43  රැස් කළේය. වෙස්ලි විදුහලට ගෝල 2 කින් සහ උත්සාහක දිනුම් 3 කින් ලකුණු 29 එකතු කර ගත්තේය.

වෙස්ලි විදුහල තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 24 - 21 ක් ලෙස ඉදිරියෙන් සිටිය ද ශාන්ත ජෝශප් විදුහල් ක්‍රීඩකයෝ දෙවැනි අර්ධයේදී වඩාත් ආක්‍රමණශීලි වෙමින් ඉදිරියට පැමිණියහ.  ශාන්ත ජෝශප් විදුහල් පිල දෙවැනි අර්ධයේදී ගෝල 2 ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් සම්පූර්ණ කරන විට වෙස්ලි විදුහලට ගෝලයක් පමණක් එකතු විය.

ශාන්ත ජෝශප් විදුහල වෙනුවෙන් ෆුල්බැක් ක්‍රීඩක ගැමුණු චේතිය උත්සාහක දිනුම් තුනක් සම්පූර්ණ කරමින් තරගයේ වීරයා බවට පත්විය. චතුර සෙනෙවිරත්න, විනුල් ප්‍රනාන්දු සහ ගිහාන් මධුසංඛ උත්සාහක දිනුම බැගින් ශාන්ත ජෝශප් විදුහලට එකතු කළහ.

චතුර සෙනෙවිරත්න ගෝල ප්‍රවර්ථන දෙකක් සහ දඬුවම් පහරක් ද, සචිත් සිල්වා ගෝල ප්‍රවර්ථන තුනක් ද, සාර්ථක කරමින් ශාන්ත ජෝශප් විදුහලට අතිරේක ලකුණු එකතු කළහ.

වෙස්ලි විදුහලට එම්. එස්. ඒ. ප්‍රනාන්දු, ජී. ඊ. හර්ෂණ, අවිෂ්ක ලී සහ එම්. එම්. සුබයිර් උත්සාහක දිනුම බැගින් සම්පූර්ණ කළහ. අවිෂ්ක ලී ගෝල ප්‍රවර්ථන දෙකක් ද සාර්ථක කළේය.

තරගාවලියේ දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය මහනුවර ත්‍රිත්ව විදුහල සහ ශාන්ත පීතර විදුහල අතර හෙට (10) පස්වරු 4.15 ට පැවැත්වේ.

මෙම තරගාවලියට සමගාමීව පැවැත්වෙන සභාපති කුසලාන තරගාවලියේ කුරුණෑගල ශාන්ත ආනා විදුහල සහ ගාල්ල විද්‍යාලෝක විදුහල අතර ඊයේ (09) පස්වරු 2.00 ට පැවැති තරගයෙන් ශාන්ත ආනා විදුහල් ක්‍රීඩකයෝ ලකුණු 55-12 ක පහසු ජයක් ලැබීය.  

 

වෙස්ලි - ශා. ජෝශප් ජනාධිපති කුසලාන රග්බි තරගාවලියේ විශේෂ අවස්ථා...

(ඡායාරූප - බෙමිඳු ඕෂිත වරකාපිටිය)

 


අදහස් (0)

ශා. ජෝශප් විදුහලට ලකුණු 43-29 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.