Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති කුසලාන පාසල් රග්බි තරගාවලියේ අර්ධ අවසන් පුර්ව වටයේ පැවති තරගයකදී කුරුණෑගල මලියදේව විද්‍යාලයට එරෙහිව ලකුණු 45-17 ක ජයක් ලැබීමට කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය ඊයේ (16 වැනිදා) සමත් විය. මෙම තරගය සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.
පසුගිය වසරේ ශූරයන් බවට පත්වූ ශාන්ත ජෝශප් කණ්ඩායම උත්සාහක දිනුම් 7කුත්, ප්‍රවර්තන 5කුත් සමගින් මෙම තරගය පහසුවෙන්ම ජය ගනිද්දී, කුරුණෑගල මලියදේව විද්‍යාලයට ලබාගත හැකි වූයේ උත්සාහක දිනුම් 3ක් සමගින් එක් ප්රවර්තනයක් පමණි.
ජෝශප් විදුහල වෙනුවෙන් ලකුණු ලබාගැනීම ආරම්භ කළ උදීෂ පෙරේරා පළමු උත්සාහක දිනුම ලබාගත් අතර සන්තුෂ් අල්ගම විසින් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත්තේය.
නැවතත් 13 වැනි මිනිත්තුවේ ක්‍රියාත්මක වූ මලියදේව විද්‍යාලයේ සංජු හේරත් පළමු උත්සාහක දිනුම ලබා ජෝශප්වරුන්ට කරටකර තරගයක් දුන්නේය. ඉෂාර හේරත් ප්‍රවර්තනය සාර්ථක කර ගනිද්දී, ලකුණු පුවරුවේ ලකුණු සටහන් වූයේ ලකුණු 7-7 ලෙසිනි.
නැවතත් 20 වැනි මිනිත්තුවේදී ජෝන් ගනේගොඩ ලබාගත් උත්සාහක දිනුම ගෝලයක් බවට ප්‍රවර්තනය කළ සන්තුෂ් අල්ගම ලකුණු 14-7 ක් ලෙස කණ්ඩායම පෙරමුණේ තැබීමට සමත් විය. තරගයේ වැඩි වාසිය ලබාගත් ජෝශප් කණ්ඩායම ලකුණු 28-7 ක් ලෙස පළමු භාගය අවසන් කළේය.
නැවතත් දෙවන භාගයේ පන්දුව ලබාගත් ජෝශප් විද්‍යාලයේ ජෝන් ගනේගොඩ සිය දෙවන උත්සාහක දිනුමද ලබා ලකුණු අතර පරතරය ක්‍රමයෙන් වැඩි කරමින් මලියදේවයන්ට තරගයට අවතීර්ණ වීමට තිබූ අවස්ථාව අවහිර කරන ලදි. ගනේගොඩගේ උත්සාහක දිනුම සහ සන්තුෂ් අල්ගමගේ ප්‍රවර්තනය හමුවේ ලකුණු 33-7 ක් ලෙස ජෝශප්වරු පෙරමුණ ගත්හ.
තරගයේ අවසන් මිනිත්තු කිහිපයේදී නැවතත් ක්‍රියාත්මක වූ මලියදේව විද්‍යාලයේ ඩිල්ෂාන් අතපත්තු උත්සාහක දිනුමක් ලබා ගනිමික් එහි ප්‍රවර්තන අවස්ථාව ඉෂාර හේරත්ට ලබාදෙන ලදී. එය සාර්ථක කරගත් ඉෂාර, අවසන් මොහොතේ ලකුණු 17 දක්වා කණ්ඩායමේ ලකුණු ප්‍රමාණය ඉහළ දැමුවේය. නමුත් ලකුණු 45-17 ක් ලෙස තරගය අවසන් කළ ශාන්ත ජෝශප් විද්‍යාලය මයිලෝ ජනාධිපති කුසලාන රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.
ශාන්ත ජෝශප් විද්‍යාලය 45 යි.
උත්සාහක දිනුම් 7 : ජෝන් ගනේගොඩ (2), තරිඳු මධුරංග (2), උදීෂ පෙරේරා (1), ගැමුණු චේතිය (1), නෙපහාන් පෙරේරා (1)
ප්‍රවර්තන : සන්තුෂ් අල්ගම (5)
මලියදේව විද්‍යාලය 17 යි.
උත්සාහක දිනුම් 3 : සංජු හේරත් (2), ඩිල්ෂාන් අතපත්තු (1)
ප්‍රවර්තන : ඉෂාර හේරත් (1)
ඡායාරූප - ඉෂාන් සංජීව
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.