Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner ශී‍්‍ර ලංකා පිල තුන්වැනි තැනට සටනේ

ශී‍්‍ර ලංකා පිල තුන්වැනි තැනට සටනේ

සංජය එරමුදුගොඩ - 2015 සැප් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ආසියානු සත් සාමාජික රග්බි තරග මාලාවේ පළමු තරගාවලිය වන චීන සත් සාමාජික රග්බි තරගාවලියේ කුසලාන ශූරතා තෙවැනි ස්ථානය සඳහා වන තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලැබීය.

ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර තෙවැනි ස්ථානයට සඳහා තරගය අද (06) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබුණි.

කුසලාන ශූරතා අවසන් පූර්ව තරගයේදී චීනය හමුවේ ලකුණු 22-12 කින් පරාජයට පත්විම නිසා ශ්‍රී ලංකාවට තෙවැනි ස්ථානය සඳහා තරග කිරීමට සිදු විය.

සුදර්ශන මුතුතන්ත‍්‍රිගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිල අර්ධ අවසන් පූර්ව තරගයේදී ලකුණු 31-10 කින් මැලේසියාව පරාජය කරමින් අවසන් පූර්ව වටයට පැමිනියේය.

තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (05) පැවැති පළමු තරගයේ තරග දෙකේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ කසක්ස්තානය ලකුණු 24-12 කින්ද, සිංගප්පූරුව ලකුණු 43-0 කින්ද, පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට පැමිණීමට සමත් වූහ.

ශ්‍රී ලංකා පිලේ නිත්‍ය නායක ෆාෂීල් මරීජා ආබාධයකට ලක්වීම නිසා මෙම තරගාවලියට සහභාගි නොවන අතර වන නයිජල් රත්වත්තේ, ෂෙනාල් ඩයස් සහ විශ්වමිත‍්‍ර ජයසිංහ යන ප‍්‍රබල ක‍්‍රීඩකයෝද විවිධ හේතූන් නිසා මෙම තරගාවලියෙන් ඉවත්ව සිටිති.  

කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට සත්කාරක චීනය සහ ජපානය සුදුසුකම් ලබා ගත්හ.

 


අදහස් (0)

ශී‍්‍ර ලංකා පිල තුන්වැනි තැනට සටනේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.