Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර්ජාතික රග්බි සංගමයේ නීති රීතිවලට පටහැනිව යමින් ශ‍්‍රී ලංකා ජාතික රග්බි පිලට ක‍්‍රීඩකයකු සහභාගි කරවීම පිළිබඳව ශ්‍රී ලංකා රග්බි සංගමයට බි‍්‍රතාන්‍ය පවුම් 10,000 ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් ලක්‍ෂ 20 කට ආසන්න දඩයක් නියම කර තිබේ. එම දඩ මුදල නොගෙවන්නේ නම් ශ‍්‍රී ලංකා රග්බි සංගමයට වසරක තහනමක් පැනවීමේ අවදානමක් ද ඇති බව වාර්තා වේ.
ෆිජි ජාතික රග්බි ක‍්‍රීඩකයන් දෙදෙනකුට ශ්‍රී ලංකා පුරවැසිභාවය දෙමින් අන්තර්ජාතික රග්බි නීතිවලට පටහැනිව ජාතික රග්බි කණ්ඩායමට ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව ලබා දුන්නේ යැයි කියන සිද්ධියක් පිළිබඳව අන්තර්ජාතික රග්බි සංගමය පරීක්‍ෂණයක් පවත්වා තිබේ.
ආසියානු ප‍්‍රධානතම රටවල් පහ අතර රග්බි තරගාවලියේ කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී 2014 වසරේ මැයි මස 17 වැනිදා පිලිපීනයට එරෙහිව පැවැති තරගයේදී ෆීජි ක‍්‍රීඩකයන් වන නයිගේ ජෝශප් සහ එමෝරි වකුයුලාගි ශ්‍රී ලංකා පිලට ක‍්‍රීඩා කළහ.
අන්තර්ජාතික රග්බි නීති රීතිවලට අනුව මෙම ක‍්‍රීඩකයන් දෙදෙනාට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ නොහැකි බව දැනගන්නට තිබේ. මෙහිදී එක ක‍්‍රීඩකයකුගේ සීයා ශ්‍රී ලංකා පුරවැසියකු යැයි පවසා ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව ලබාගෙන ඇති බව වාර්තා වේ.
අන්තර්ජාතික රග්බි නීති රීතිවලට අනුව විදේශ රටක ක‍්‍රීඩකයකුට වෙනත් රටක ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට නම් එම ක‍්‍රීඩකයා අදාල රටේ වසර තුනක් පදිංචිව සිටීම, ඔහුගේ පියාගේ හෝ සීයා එම රටේ උපත ලැබූවකු වීම වැනි ප‍්‍රධාන අවශ්‍යතාවන් සම්පූර්ණ විය යුතුය. මෙම ක‍්‍රීඩකයන් දෙදෙනාම ජාතික කණ්ඩායමට ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා රග්බි සංගමය අන්තර්ජාතික රග්බි සංගමයට ව්‍යාජ තොරතුරු ලබාදී ඇති බවට මේ පිළිබඳව ඉදිරිපත් වූ පැමිණිල්ලේ සඳහන්ව ඇති බව වාර්තා වේ.
මෙම ක‍්‍රීඩකයන් දෙදෙනාගෙන් කෙනකු ෆීජි ජාතික රග්බි පිලට සුදුසුකම් ලැබීමෙන් පසුව ඔහු ශ්‍රී ලංකාවට ක‍්‍රීඩා කර තිබීම නිසා මෙම සිද්ධිය හෙළිදරව් වූ බව වාර්තා වේ.
මෙම සිද්ධිය පිළිබඳව කළ විමසුමකදී ශ්‍රී ලංකා රග්බි සංගමයේ උසස් නිලධාරියකු පැවසුවේ තමන් මේ සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි.
‘‘අපි මේ සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කරනවා. ඒ වගේම දඩුවම අවම කරගන්න මේ වන විට අපි කටයුතු කරමින් ඉන්නවා’’ යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.
|
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.