Last Update  :  2024-11-24 21:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner සමස්ත කුසලාන ශූරතාව සී.එච්. සහ එෆ්.සී ‘ඒ ’කණ්ඩායමට

සමස්ත කුසලාන ශූරතාව සී.එච්. සහ එෆ්.සී ‘ඒ ’කණ්ඩායමට

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් ක්‍රීඩා සමාජ සත් සාමාජික රග්බි තරගාවලියේ සමස්ත කුසලාන ශූරතාවය  සී.එච්. සහ එෆ්.සී ‘ඒ ’කණ්ඩායම දිනා ගනිද්දී, එහි අනුශූරතාවයෙන් සෑහීමට ගුවන් හමුදා “ඒ’ කණ්ඩායමට  අද (17 වැනිදා)  සිදු විය. තරගාවලියේ දෙවන අදියරේ තරග ඊයේ (16) සහ අද කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්විණ.

පළමු අදියරේ කුසලාන ශූරතාවලියේ පෙරමුණ ගත් මහනුවර කණ්ඩායම දෙවන අදියර සඳහා සහභාගීි නොවූ නිසා සමස්ත ශූරතාවයට හිමිකම් කීමට නොහැකි විය. දෙවන අදියරේ පෙරමුණ ගැනීමට සී.ආර්. සහ එෆ්.සී කණ්ඩායම හැකි වුවත්, ඔවුන් පළමු අදියරේ තරගාවලියට සහභාගී නොවීම නිසා ඔවුන්ටද කුසලාන ශූරතාවයට හිමිකම් කීමට මෙවර නොහැකි විය. මෙවර සමස්ත ශූරතාවය අදියර දෙකේම ලකුණු එකතුවෙන් පිරිනැමීම නිසා අදියර දෙකේදීම දක්ෂතා දැක්වූ කණ්ඩායම් සඳහා මෙම ක්‍රමය වඩාත් වාසිදායක විය.

අවසන් පූර්ව වටයේදී නාවික හමුදා ‘ඒ’ කණ්ඩායම ලකුණු 24-14 ලෙස පරාජයට පත්කරමින්  සී.ආර්. සහ එෆ්.සී කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලැබීය. අවසන් තරගයේදීද, මෙවර කුසලාන කාණ්ඩයේ ශූරයන් බවට පත්වූ සී.එච්. සහ එෆ්.සී ‘ඒ’ කණ්ඩායම ලකුණු 21-12 ලෙස පරාජයට පත් කළේය.

තරගය ආරම්භ වී මිනිත්තු 5ක් යාමට මත්තෙන් ක්‍රියාත්මක වූ සී.ආර් කණ්ඩායමේ රිෆා රෆයිඩීන් පළමු උත්සාහක දිනුම වාර්තා කළ අතර නලීන් කුමාර විසින් එහි ප්‍රවර්තනය සාර්ථක කරගත්තේය. පළමු භාගයේ ඔවුන් සමඟ කරටකර තරගයක් ලබාදුන් සී.එච්. සහ එෆ්.සී කණ්ඩායමේ සුදම් සූරියආරච්චි පළමු උත්සාහක දිනුම ලබා ගත්තේය.

පළමු භාගය අවසානයේ ලකුණු 7-5 ක් ලෙස පෙරමුණ ගැනීමට සී.ආර් කණ්ඩායම සමත් විය.

දෙවන භාගය ආරම්භ වී මිනිත්තු කිහිපයක් යාමට පෙර නැවතත් ලකුණු ලබා ගැනීම ආරම්භ කරමින් සී.ආර් කණ්ඩායමේ නලීන් කුමාර ගත් උත්සාහක දිනුම ගෝලයක් බවට පෙරලීමට තරින්ද රත්වත්තගේ ප්‍රවර්තනයට හැකියාවක් ලැබිණ.

නැවතත් සී.ආර් කණ්ඩායමේ කවිඳු පෙරේරා ලබාගත් උත්සාහක දිනුම ගෝලයක් බවට පරිවර්තනය කළ චානක චන්දිමාල් ලකුණු 21-5 ක් ලෙස සී.ආර් පිළ පෙරමුණේ තැබුවේය. නැවතත් අවසන් මොහොතේ සී. එච් කණ්ඩායම ලකුණු ලබා ගැනීම ඇරඹුවත්, ජයග්‍රහණයේ වැඩි ගෞරවය සී.ආර් කණ්ඩායම වෙත හැරවී අවසන්ය. ඒ අනුව ලකුණු 21-12 ලෙස සී.ආර් කණ්ඩායම දෙවන අදියරේ කුසලාන ශූරතාවය දිනා ගත්තේය.  

අවසන් තරග ප්‍රතිඵල
කුසලාන ශූරතා
ශූරතාව : සී.එච්. සහ එෆ්.සී කණ්ඩායම
අනුශූරතාව : ගුවන් හමුදා ‘ඒ ’ කණ්ඩායම

පළිහ ශූරතා
ශූරතාව : නාවික හමුදා ‘ඒ’ කණ්ඩායම
අනුශූරතාව : පොලිසිය ‘ඒ ’

බඳුන ශූරතා
බද්ධ ශූරතා : යුද හමුදා ‘බී’ සහ නාවික හමුදා ‘බී’

පළඟ ශූරතාව : සී.ආර්. සහ එෆ්.සී ‘බී’

තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා   - කවිදු පෙරේරා ( සී.ආර්. සහ එෆ්.සී)
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා  - ඔමල්ක ගුණරත්න ( සී.ආර්. සහ එෆ්.සී)
වැඩිම උත්සාහක දිනුම් ප්‍රමාණයක් ලබාගත් ක්‍රීඩකයා  - කසුන් සුරංග (පොලිසිය ‘ඒ ’) - උත්සාහක දිනුම් 19


අදහස් (0)

සමස්ත කුසලාන ශූරතාව සී.එච්. සහ එෆ්.සී ‘ඒ ’කණ්ඩායමට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.