Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ ඩයලොග් කුසලාන ලීග් රග්බි තරගාවලියේ හයවැනි සතියේ තරග ආරම්භ කරමින් ලොන්ඩන් පෙදෙස සී. ආර්. පිටියේදී අද (14) පැවැති තරගයේදී සී. ආර්. ක්‍රීඩකයෝ ලකුණු 36-27 කින් ගුවන් හමුදා පිල පරාජය කිරීමට සමත් වුහ.
මෙහිදී සී. ආර්. පිල ගෝල හතරකින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහරකින් ලකුණු ලැබීය. ගුවන් හමුදා පිලට ගෝල තුනකින් සහ දඩුවම් පහර දෙකකින් ලකුණු එකතු විය.
තරගයේ පළමු අර්ධය අවසන් වන විට සී. ආර්. පිල ලකුණු 24-17 ක් ලෙස පෙරමුණේ පසු විය.
සී. ආර්. පිලට හිරන්ත පෙරේරා, චරණ චාමිකර, පණ්ඩුක අංගම්මන, රන්දික වර්ණපුර සහ ඔමල්ක ගුණරත්න උත්සාහක දිනුම බැගින් එකතු කළහ.
තරින්ද රත්වත්තේ ගෝල ප්‍රවර්ථන හතරක් සහ දඩුවම් පහරක් සාර්ථක කළේය.
ගුවන් හමුදා පිලට තිළිණ බණ්ඩාර, ගයාන් ඉද්දමල්ගොඩ සහ ජෙරෝ ධනංජය උත්සාහක දිනුම බැගින් සම්පූර්ණ කළහ.
ගයාන් ඉද්දමල්ගොඩ ගෝල ප්‍රවර්ථන දෙකක් සහ දඩුවම් පහරක් ද, චරිත සෙනෙවිරත්න ගෝල ප්‍රවර්ථනයක් සහ දඩුවම් පහරක් ද, සාර්ථක කළහ.
ඡායාරූප - චතුර එස්. කොඩිකාර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.