Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් තරගාවලියේ තෙවැනි සතිය යටතේ බම්බලපිටිය පොලිස් පිටියේදී අද (24) පස්වරුවේ පැවැති තරගයේදී සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිල ලකුණු 38-17 කින් පොලිස් පිල පරාජය කිරීමට සමත් විය.
සී. ආර්. පිල මෙම තරගාවලියේ මේ දක්වා සහභාගි වූ තරග තුනම ජය ලබා අපරාජිතව සිටියි.
ලීග් තරගාවලියේ පසුගිය වසරේ අවසන් සිවුදෙනා බවට පත්වූ කණ්ඩායම් හතරට විදේශ ක්‍රීඩකයකු බැගින් ක්‍රීඩා කිරීමට ලබාදී තිබූ අවස්ථාව ඊයේ (23) අධිකරණය අත්හිටුවීමෙන් අද තරගයේදී දෙපිලටම විදේශ ක්‍රීඩකයෝ ඇතුළත් නොවූහ.
කවිඳු පෙරේරා සිය දෙවැනි උත්සාහක දිනුම දෙවැනි අර්ධයේ 16 වැනි මිනිත්තුවේදී සී. ආර්. පිලට එකතු කළ අතර තරින්ද රත්වත්තේ එයට අතිරේක ලකුණු මුසුකිරීමෙන් ලකුණු 33-17 ක් බවට පත්විය.
රාහුල් ද සිල්වා 20 වැනි මිනිත්තුවේදී උත්සාහක දිනුමක් සම්පූර්ණ කරමින් සී. ආර්. පිලේ ලකුණු සංඛ්‍යාව 38 ක් බවට පත්කළේය.
සී. ආර්. පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 26-17 ක් ලෙස ලකුණු 9 කින් ඉදිරියෙන් සිටියේය.
පොලිස් පිලේ සචිත් සිල්වා හත්වැනි මිනිත්තුවේදී දඩුවම් පහරක් සාර්ථක කරමින් ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේය.
රීසා රෆයිඩීන් 17 වැනි මිනිත්තුවේදී උත්සාහක දිනුමක් සම්පූර්ණ කරමින් ලකුණු 5-3 ක් ලෙස සී. ආර්. පිල පෙරමුණට ගත්තේය.
කවිඳු පෙරේරා 22 වැනි මිනිත්තුවේදී ගෝල කණු අතර තැබූ පන්දුවට ඔහුම අතිරේක ලකුණු එකතු කිරීමත් සමඟ ලකුණු තත්ත්වය 12-3 ක් බවට පත්විය.
ෂේන් ඩයස් 24 වැනි මිනිත්තුවේදී සහ චමෝද් ප්‍රනාන්දු 29 වැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුම් දෙක තරින්ද රත්වත්තේ ගෝල බවට ප්‍රවර්ථනය කිරීමෙන් ලකුණු 26-3 ක් ලෙස සී. ආර්. පිල තරගයේ පාලනය සම්පූර්ණයෙන්ම නතුකර ගත්තේය.
පොලිස් පිලට මිනිත්තු 27 ක නිහඩියාවකින් පසුව උදාර සූරියපෙරුම උත්සාහක දිනුමක් එකත කළේය. අමිත ප්‍රභාත් එයට අතිරේක ලකුණු දෙක එකතු කිරීමෙන් ලකුණු පුවරුව 26-10 ක් බවට පත්විය.
පළමු අර්ධයේ 35 වැනි මිනිත්තුවේදී පොලිස් පිලට දඩුවම් පහර ගෝලයක් ලැබීමෙන් ලකුණු තත්ත්වය 26-17 ක් බවට පත්විය.
ඡායාරූප - ඉෂාන් සංජීව
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.