Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner සී. එච්. ක්‍රීඩකයෝ නාවික හමුදාව පරදවති

සී. එච්. ක්‍රීඩකයෝ නාවික හමුදාව පරදවති

සංජය එරමුදුගොඩ - 2018 දෙසැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් තරගාවලියේ හයවැනි සතියේ තෙවැනි තරගය ලෙස වැලිසර නාවික පිටියේදී අද (16) පස්වරුවේ පැවැති තරගයේදී සී. එච්. ක්‍රීඩකයෝ ලකුණු 34-26 කින් නාවික හමුදාව පරාජය කිරීමට සමත් වූහ.

ප්‍රසාද ලකුණු සටහනේ හයවැනි ස්ථානයේ සිටි සී. එච්. පිල විසින් තෙවැනි ස්ථානය හිමිකරගනෙ සිටි නාවික හමුදා පිල නාවික හමුදා පිටියේදීම පරාජය කිරීම මෙහිදී කැපී පෙනේ. මෙම තරගාවලයේදී සී. එච්. පිල ලැබූ දෙවැනි ජයග්‍රහණය මෙය වේ.

පළමු අර්ධයේ 13 වැනි මිනිත්තුවේදී සී. එච්. පිලේ සජිත් සාරංග ගෝල කණු අතර තැබූ පන්දුවට සැමුවෙල් මධුවන්ත අතිරේක ලකුණු එකතු කිරීමත් සමඟ ලකුණු 7-0 ක් ලෙස ලකුණු පුවරුව ක්‍රියාත්මක විය. සැමුවෙල් මධුවන්ත 20 වැනි මිනිත්තුවේදී සාර්ථක කළ දඬුවම් පහරින් සී. එච්. පිල ලකුණු 10-0 ක් ලෙස ශක්තිමත් විය.
මධුවන්ත 24 වැනි මිනිත්තුවේදී නාවික හමුදා ක්‍රීඩකයන් අන්දමන්ද කරමින් ඩ්‍රොප් ගෝලයක් සම්පූර්ණ කරමින් ලකුණු පුවරුව 13-0 ක් බවට පත්කළේය.

ජාතික කණ්ඩායමේ හිටපු නායකයකු වන ෆ්ලෑන්කර් ක්‍රීඩක සුදර්ශන මුතුතන්ත්‍රි 32 වැනි මිනිත්තුවේදී සී. එච්. පිලට උත්සාහක දිනුමත් එකතු කිරීමට සමත් විය. සැමුවෙල් මධුවන්ත එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමත් සමඟ ලකුණු තත්ත්වය 20-0 ක් ලෙසින් සී.එච්. ක්‍රීඩකයෝ ඉදිරියට ගියහ.

චතුර සෙනෙවිරත්න ක්‍රියාත්මක වෙමින් නාවික හමුදා පිල ඉදිරියේ මිනිත්තු 37 ක් පැවැති බිංදුව මකා දමමින් උත්සාහක දිනුමක් සම්පූර්ණ කළේය. ඒ අනුව ලකුණු පුවරුව 20-5 ක් බවට පත්විය.

පළමු අර්ධයේ අවසන් මිනිත්තුවේදී සී. එච්. පිලේ ප්‍රසාද් මධුසංඛ උත්සාහක දිනුමක් සම්පූර්ණ කළ අතර සැමුවෙල් මධුවන්ත එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමත් සමඟ ලකුණු පුවරුව 27-5 ක්ව තිබියදී පළමු අර්ධය අවසන් විය.

දෙවැනි අර්ධයේ 10 වැනි මිනිත්තුවේදී නාවික හමුදා පිලේ නිරෝෂන් පෙරේරා සම්පූර්ණ කළ උත්සාහක දිනුමට චතුර සෙනෙවිරත්න අතිරේක ලකුණු එකතු කිරීමෙන් ලකුණු සංඛ්‍යාව 27-12 ක් බවට පත්විය.

නාවික හමුදා පිලට 23 වැනි මිනිත්තුවේදී චරිත් ජනිත උත්සාහක දිනුමක් එකතු කළ අතර චතුර සෙනෙවිරත්න එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමත් සමඟ ලකුණු තත්ත්වය 27-19 ක් වෙමින් පරතරය ලකුණු අටක් බවට පත්විය.

සුදම් සූරියආරච්චි 27 වැනි මිනිත්තුවේදී සී. එච්. පිලට උත්සාහක දිනුමක් එකතු කරමින් නැවතත් පරතරය වැඩි කරගත්තේය. චතුර එයට අතිරේක ලකුණු එකතු කිරීමත් සමඟ ලකුණු පුවරුව 34-19 ක් බවට පත්විය. නාවික හමුදා පිලට 30 වැනි මිනිත්තුවේදී ලැබුණු දඬුවම් පහර උත්සාහක දිනුමෙන් ලකුණු පුවරුව 34-26 ක් බවට පෙරලුණි.

මෙහිදී සී. එච්. පිලේ නායක යෝෂිත රාජපක්‍ෂ දෙවැනි අර්ධයේ දෙවැනි මිනිත්තුවේදී සහ 13 වැනි මිනිත්තුවලදී කහ කාඞ්පතින් අවවාද ලැබීම හේතුවෙන් විනාඩි 20 ක් තරගයෙන් ඉවත්ව සිටීම කැපී පෙනුණි. සී. එච්. පිල තරගය පුරාම කහ කාඞ්පත් අවවාද හතරක් ලැබීය.

ඡායාරූප - චතුර එස්. කොඩිකාර


අදහස් (0)

සී. එච්. ක්‍රීඩකයෝ නාවික හමුදාව පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.