Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner සුපර් සෙවන්ස් කුසලාන මොබිටෙල් පිලට

සුපර් සෙවන්ස් කුසලාන මොබිටෙල් පිලට

සංජය එරමුදුගොඩ - 2016 අගෝ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් රග්බි තරගාවලියේ කුසලානය දිනාගැනීමට ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ඊගල්ස් කණ්ඩායම සමත් විය.

දෙවැනි අදියරේ රග්බි තරගාවලියේ කුසලානය සඳහා වූ අවසන් මහා තරගයෙන් කාගීල්ස් ග්ලැඩියේටර්ස් පිල හමුවේ ලකුණු 28-17 කින් පරාජයට පත්වූවත් පසුගිය සති අන්තයේ පැවැති පළමු අදියර ජයගෙන සමස්ත ප්‍රසාද ලකුණු 55 ක් රැස් කළ ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ඊගල්ස් කණ්ඩායමට කුසලානය හිමිවිය.

කොළඹ තුරඟ තරග පිටියේදී ඊයේ මධ්‍යම රාත්‍රීයේ නිමාවට පත්වූ ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් රග්බි තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 14-7 කින් පෙරමුණ ගැනීමට ග්ලැඩියේටර්ස් පිල සමත්ව සිටියේය. දෙවැනි භාගයේ දී තවත් උත්සාහක දිනුම් දෙකක් වාර්තා කළ ග්ලැඩියේටර්ස් පිල තරගයේ ජය තහවුරු කරගත්තේය.

ග්ලැඩියේටර්ස් පිල ලබාගත් උත්සාහක දිනුම් 4ම ෆිජී ක්‍රීඩකයන්ගෙන් වාර්තා වීම කැපී පෙනුණි. තරගයේ අවසන් මොහොතේදී ඊගල්ස් පිලේ ශෙනාල්  දීලක උත්සාහක දිනුමක් තැබීමට සමත්වූවත් තරගයේ වාසිය වෙනස් කිරීමට එය ප්‍රමාණවත් වූයේ නැත.

පසුගිය සති අන්තයේ පැවැති පළමු අදියරේ තරගාවලියේදී මොබිටෙල් ඊගල්ස් පිල පළමු ස්ථානයට පත්වූයේ සොෆ්ට්ලොජ්ක් වොරියර්ස් පිල පරාජය කරමිනි. එහිදී තුන්වැනි ස්ථානයට පත් කාගීල්ස් ග්ලැඩියේටර්ස් පිල තරගාවලියේ සමස්ත ප්‍රසාද ලකුණු 51 ක් ලබා අනුශූරයන් බවට පත්විය.

ශ්‍රී  ලංකා රග්බි සංගමයේ මෙහෙයවීමෙන් සහ ඩයලොග් ආසියාටා සමාගමේ ප්‍රධාන අනුග්‍රාහකත්වයෙන් පැවැති මේ තරගාවලියේ වීරයා ලෙස කේ.බී.එස්.එල්.ඩ්‍රැගන්ස් පිලේ නායක කවිඳු පෙරේරා සම්මාන හිමිකර ගත්තේය.  


තරග ප්‍රතිඵල

  • කුසලාන වටයේ අවසන් තරගයේදී කාගීල්ස් ග්ලැඩියේටර්ස් පිල විසින් ලකුණු 28-17 කින් මොබිටෙල් ඊගල්ස් පිල පරාජය කරන ලදි.
  • පළඟ ශූරතා අවසන් තරගයේදී ඇක්සස් කිංග්ස් පිල විසින් ලකුණු 17-12 කින් කේ.බී.එස්.එල්.ඩ්‍රැගන්ස් පිල පරාජය කරන ලදි.
  • බඳුන ශූරතා අවසන් තරගයේදී සොෆ්ට්ලෝජික් වොරියර්ස් පිල විසින් ලකුණු 19-14 කින් එටිසලාට් පැන්තර්ස් පිල පරාජය කරන ලදි.
  • පළිහ ශූරතා අවසන් තරගයේදී ඊසි වූල්ව්ස් පිල විසින් ලකුණු 19-12 කින් වෝකර්ස් සී.එම්.එල්.වයිපර්ස් පිල පරාජය කරන ලදි.

 

ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් රග්බි තරගාවලියේ විශේෂ අවස්ථා ...


අදහස් (0)

සුපර් සෙවන්ස් කුසලාන මොබිටෙල් පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.