Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner හබානා ලෝක වාර්තාව සමකරයි

හබානා ලෝක වාර්තාව සමකරයි

ශනුක අරවින්ද - 2015 ඔක් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක රග්බි පිටියේ එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ඨතම කී‍්‍රඩකයා ලෙස හඳුන්වන නවසීලන්තයේ හිටපු ශ්‍රේෂ්ඨ කී‍්‍රඩක ජෝනා ලොමූගේ ලෝක කුසලාන තරමාලා ඉතිහාසයේ උත්සාහක දිනුම් 15 ක වාර්තාව සමකළ දකුණු අපි‍්‍රකානු වින්ග් කී‍්‍රඩක බ‍්‍රයන් හබානා ලන්ඩනයේ ඔලිම්පික් කී‍්‍රඩාංගණයේ දී අමෙරිකාවට එරෙහිව උත්සාහක දිනුම් තුනක්ම තැබුවේ ස්පි‍්‍රංග්බොක්ස්ලාට වාර්තාගත ජයග‍්‍රහණයක් අත්කර දෙමිනි.

තරගය නැරැඹීමට පැමිණ සිටි 55,000 කට ආසන්න කී‍්‍රඩාලෝලීන් සංඛ්‍යාවක් අමන්දානන්දයට පත්කළ 32 හැවිරිදි හබානාගේ උත්සාහක දිනුම් තුනත් සමග තරගය පුරා ස්පි‍්‍රංග්බොක්ස්ලා රැුස් කළ උත්සාහක දිනුම් ප‍්‍රමාණය 10 කි. ඊට ෆ‍්‍රැන්කොයිස් ලෝව් ලබාගත් අනගි උත්සාහක දිනුම් දෙකක්ද ඇතුළත්ය.

දෙවැනි භාගයේ ආරම්භයේදීම උත්සාහක දිනුම් වැස්ස ඇරඹුනේ බ‍්‍රයන් හබානා තැබූ පළමු උත්සාහක දිනුමෙනි. අනතුරුව 58 වැනි මිනිත්තුවේදී සිය දෙවැනි උත්සාහක දිනුම තැබූ හෙතෙම ඊට මිනිත්තු දෙකකට පසුව තුන්වැනි එකත් තැබුවේ ලෝක කුසලාන තරගමාලා ඉතිහාසයේ වැඩිම උත්සාහක දිනුම් සංඛ්‍යාවක් තැබූ ලෝමුගේ විශිෂ්ට වාර්තාව සමකිරීමේ ගෞරවය දිනාගනිමිනි.

 


අදහස් (0)

හබානා ලෝක වාර්තාව සමකරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.