Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner හැව්ලොක්ස්ට 29-5 ක ජයක්

හැව්ලොක්ස්ට 29-5 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2016 නොවැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගුවන් හමුදා රග්බි කණ්ඩායමට එරෙහිව ලකුණු 29-5 ක ජයක් වාර්තා කරමින් මෙවර ඩයලොග් අන්තර් සමාජ පළමුපෙළ රග්බි තරගාවලියට සාර්ථකව ප්‍රවිශ්ඨ වීමට හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සමත්විය.

අයහපත් කාලගුණය මැද රත්මලාන ගුවන් හමුදා කඳවුරු ක්‍රීඩාංගණයේදී සෙනසුරාදා පස්වරුවේ පැවැති තරගයේ පළමු භාගයේ ලකුණු 17-5 කින් පෙරමුණ ගත් හැව්ලොක්ස් පිල ගෝල් 3 ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරකින් සිය ලකුණු සංඛ්‍යාව රැස් කරද්දී සත්කාරක ගුවන් හමුදා පිලට ලබාගත හැකිවූයේ උත්සාහක දිනුමක් පමණි.

ජාතික කණ්ඩායම නියෝජනය කරන ප්‍රබල ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත හැව්ලොක්ස් පිල තරගයේ ආරම්භයේ සිටම කදිම වේගයක් ලබාගත්තේ නිෂෝන් ප්‍රනාන්දු විසින් තබන ලද අනගි උත්සාහක දිනුමකිනි.

එය ගෝලයක් බවට පත් කළ දුලාජ් පෙරේරා සිය කණ්ඩායමට ලකුණු 7-0 කින් පෙරමුණට ගෙන යාමට සමත්විය. හිරන්ත පෙරේරා තැබූ තවත් උත්සාහක දිනුමක් දුලාජ්ගේ පා පහරින් ගෝල් කණුවට ඉහළින් පියාඹා යාමත් සමග ලකුණු සංඛ්‍යාව 14-0 කින් ඉහළ දමා ගැනීමට හැව්ලොක්ස් පිලට හැකිවිය.

පළමු භාගය නිමාවීමට පෙර තිළිණ බණ්ඩාර උත්සාහක දිනුමක් තබමින් සත්කාරකයන්ගේ ගෞරවය රැක ගැනීමට සමත්විය. එහෙත් එය ගෝලයක් බවට පත් කිරීමට ෆුල්බෑක් ක්‍රීඩක නලින් ලසන්ත ගත් වෑයම අපතේ ගියේය. පළමු භාගය නිමාවීමට පෙර දඬුවම් පහරක් ද සාර්ථක කරගත් දුලාජ් හැව්ලොක්ස් පිලට ලකුණු 17-5 ක වාසියක් ලබාදීමට සමත්විය.

දෙවැනි භාගයේ වඩාත් ආක්‍රමණශීලීව තරගයට පිවිසි හැව්ලොක්ස් පිල වෙනුවෙන් ෂැරෝ ප්‍රනාන්දු තැබූ උත්සාහක දිනුමක් ගෝලයක් බවට පත් කළ දුලාජ් පෙරේරා ලකුණු 24-5 කින් සිය කණ්ඩායම ඉදිරියට ගෙන ගියේය. තරගය නිමාවීමට මොහොතකට පෙර හිරන්තගේ දෙවැනි උත්සාහක දිනුමෙන් හැව්ලොක්ස් පිලේ ජයග්‍රහණය තහවුරු විය.

 

(ඡායාරූප - වරුණ කරුණාසේකර)

 


අදහස් (0)

හැව්ලොක්ස්ට 29-5 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.