Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner හෙස්කෙත් ‘ස්පි‍්‍රංබොක්ලා’ අන්ද මන්ද කරයි

හෙස්කෙත් ‘ස්පි‍්‍රංබොක්ලා’ අන්ද මන්ද කරයි

රොෂාන් ගුණරත්න - 2015 සැප් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර 28 ක රග්බි ලෝක කුසලාන ඉතිහාසයේ විශාලතම පෙරළිය කළ ජපාන කී‍්‍රඩකයෝ ලෝක කුසලාන දෙවරක් දිනා ඇති දකුණු අප‍්‍රිකානු පිලට එරෙහිව ලන්ඩනයේ බ‍්‍රයිටන්හී අමෙක්ස් කී‍්‍රඩාංගණයේ ඊයේ (19 වැනිදා) පැවැති ‘බී‘ කාණ්ඩයේ පළමු තරගයෙන් ලකුණු 34-32 ක තියුණු ජයක් වාර්තා කළහ. 


දුවන්ට පනින්නට උපන් හපන්කම් ඇති ස්ප‍්‍රින්බොක්ලාගේ පිම්මක දිග පළල හොඳින්ම දන්නා  ඕස්ටේ‍්‍රලියානු ජාතික පුහුණුකරු එඞී ජෝන්ස්ගේ උපායශීලී තරග සැලසුම ඒ ආකාරයෙන්ම කි‍්‍රයාත්මක කළ ජපාන කී‍්‍රඩකයන් ලෝක කුසලාන තරගයක ජයග‍්‍රහණයක් වාර්තා කළේ වසර 24 කට පසුවය. ජපනුන්ගේ අවසන් ජයග‍්‍රහණය ලෙසින් සටහන් වන්නේ 1991 වසරේ බෙල්ෆාස්ට් හී දී සිම්බාබ්වේ පිලට එරෙහිව ලකුණු 52-x8 ක ජයක් ලෙසිනි. 


ලෝක රග්බි ශ්‍රේණිගත කිරීම් තුන්වැනි තැන පසුවන ‘ස්ප‍්‍රින්බොක්ලාගේ’ අභිමානය බිඳ දමමින්, ශ්‍රේණිගත කිරීම්වල 13 වැනි තැන සිටින ජපානයේ ජයග‍්‍රහණය තහවුරු වූයේ අතිරේක කී‍්‍රඩකයකු ලෙස පිටියට පැමිණි කර්නි හෙස්කේත් තරගයේ අවසන් මිනිත්තු කිහිපයේදී දකුණු අප‍්‍රිකානුවන්ගේ ශක්තිමත් ආරක්ෂක වළල්ලෙන් රිංගා ගොස් තැබූ සටන්කාමී උත්සාහක දිනුමත් සමගය. 


ඒ වෙද්දී ලකුණු 32-29 කින් පෙරමුණ ගෙන සිටි ස්පි‍්‍රන්බොක්ස්ලා එහෙම පිටින්ම අන්දමන්ද කළ හෙස්කේත්ගේ උත්සාහක දිනුමෙන් ජයග‍්‍රහණය පමණක් නොව ඊයේ කී‍්‍රඩාංගණයට රැුස් වූ 25,000 කට ආසන්න කී‍්‍රඩාලෝලීන්ගේ හදවත්ද උදුරා ගැනීමට ජපනුන්ට හැකිවිය. 


තරගයේ පළමු භාගය නිමාවෙද්දී ලකුණු 12-10 කින් පෙරමුණ ගැනීමට දකුණු අප‍්‍රිකානුවන් සමත්වූවත් ලෙහෙසියෙන් සටන අත් නොහරින වර්ගයේ ජාතියක් වන ජපානය දෙවැනි භාගයේ ආරම්භයේ දීම ෆුල්බෑක් කි‍්‍රඩක අයුමි ගොරොමරූ ලැබූ සාර්ථක ද`ඩුවම් පහරත් සමග ස්පි‍්‍රන්බොක්ස්ලා අභිබවා ගියේ ලකුණු 13-x12 ක් ලෙසිනි. 


ගොරොමරූ ඊයේ තරගයේදී කැපී පෙනෙන කී‍්‍රඩකයා බවට පත්වූ අතර ඉදිරි තරගවල දී ප‍්‍රතිවාදීන්ගේ නිශ්චිත ඉලක්කයක් බවටද දැනටමත් පත්වී තිබේ. 


ඔහු ඊයේ දඩුවම් පහර 5 ක්ම සාර්ථක කර ගත් අතර උත්සාහක දිනුම් දෙකක් ගෝල බවට ප‍්‍රවර්ථනය කළේය. ඒ සියල්ලට වඩා තරගයේ 69 වැනි මිනිත්තුවේදී දකුණු අප‍්‍රිකානුවන්ගේ නළල් තල මත රැුළි පිට රැුළි ගන්වමින් තැබූ විශිෂ්ට උත්සාහක දිනුම කී‍්‍රඩාලෝලීන්ට මෙන්ම ස්පි‍්‍රන්බොක්ස්ලාට ද සෑහෙන කාලයකට අමතක නොවනු ඇත. එම උත්සාහක දිනුම තැබීමට පෙර දකුණු අපි‍්‍රකානු පිල ලකුණු 22-29 ක් ලෙස පෙරමුණේ සිටි නමුත් උත්සාහක දිනුමත් සමගම එය 27-29 ක් තරමට ආසන්න විය. 


අනතුරුව හැන්ඩි‍්‍ර පොලාර්ඞ්ගේ පිහිටෙන් ද`ඩුවම් පහරක් සාර්ථක කරගනිමින් ලකුණු 32-29 ක් ලෙස නැවත පෙරමුණ ගත් දකුණු අපි‍්‍රකානුවන්ට තරගය නිමාවීමට ඉතිරිව ඇති වේලාව ගැන උනන්දුවීමට තරම් දැඩි පීඩනයක් ආසියානු රග්බි ශූරයන්ගෙන් එල්ලවී තිබිණි. 


රග්බි ටෙස්ට් තරගයකදී මේ දෙපිල එකිනෙකා හමුවූ මුල්ම අවස්ථාව මෙය වූ අතර දකුණු අපි‍්‍රකානුවන්ගේ ජයග‍්‍රහණයට වඩා වැඩි යමක් කවුරුවත් බලාපොරොත්තු වූයේද නැත. නමුත් 2007 ලෝක කුසලාන රග්බි තරගාවලියේ කිරුළ ස්පි‍්‍රන්බොක්ස්ලා දිනද්දී එහි පුහුණු කාර්ය මණ්ඩලයේ සාමාජිකයකුව සිටි ජෝන්ස් ඊයේ තරගයෙන් ජපානය ජයගෙන ලෝක රග්බි සිතියමේ ජපානයට වැඩි දීප්තියක් අත්කර දීමට තමන් සූදානම් යයි එක පයින්ම කියා සිටීම ගැන කවුරුවත් සිතන්නට ගියේද නැත. 


හෙස්කේත් විසින් තරගයේ ඉරණම වෙනස් කරනු ලැබුවේ තරගයේ 84 වැනි මිනිත්තුවේ දීය. 


තරගය නිමා වීමට විනාඩි 6 ක් තිබියදී හෙස්කේත් ලබාගත් උත්සාහක දිනුම නිසා ඒ වන විට ලකුණු 32-29 ක් ලෙසින් පෙරමුණ ගෙන සිටි දකුණු අපි‍්‍රකානු පිල 32x34 ක් ලෙසින් පසුපසට ඇද වැටිණ. 86 වැනි විනාඩියේදී ගොරොමරූ ගත් ප‍්‍රවර්ථන උත්සාහය අසාර්ථක වූ නමුත් තරගයේ ජයග‍්‍රහණයට හෙස්කේස්ත් උත්සාහය ප‍්‍රමාණවත් විය. 


දකුණු අපි‍්‍රකානු නායක ජීන් ඩිවිලියර්ස් සහ සගයෝ තරගයේදී තමන්ට අත්වූ ඉරණම අදහාගත නොහැකි ව පිටියේ ඇද වැටුණහ. එහෙත් සියල්ල සිදුවී අවසන්වී තිබිණ. 


”ඒක හරිම නිහතමානී ආඩම්බරයක් දැනෙන ප‍්‍රතිඵලයක්”


”ජපානය දකුණු අපි‍්‍රකානුවන් පරදවලා....මා නිවැරදිව ඒ දේ කියෙව්වාද කියලා මට නැවත සැරයක් ලකුණු පුවරුව බලන්න හිතුණා”


”අද දවසේ අපි වීරත්වයටත් එපිටින් යමක් කළා. අපි එතැන ඇලීගෙන හිටියා. ඒක (ජයග‍්‍රහණය) අපෙන් ඈතට යන්න දුන්නේ නෑ” යයි මෙම ලෝක කුසලාන තරගාවලිය අවසානයේදී ජපාන රග්බි කණ්ඩායමෙන් සමුගැනීමට සූදානම් වන එඞී ජෝන්ස් පැවසීය. 


තරගයේ 7 වැනි මිනිත්තුවේ දී අයුමි ගොරමොරුගේ සාර්ථක දඩුවම් පහර පහෙන් පළමුවැන්නත් සමග  ලකුණු ලබාගැනීම ආරම්භ කළ ජපානයට පිළිතුරු ලෙස දකුණු අපි‍්‍රකාවේ ෆ‍්‍රැන්කොයිස් ලොව් 17 වැනි මිනිත්තුවේ දී අනගි උත්සාහක දිනුමක් තැබුවේ ජපාන කී‍්‍රඩකයන්ගේ බාධක මැද සිය කණ්ඩායමේ ස්ක‍්‍රම් පොදිය උත්සාහක දිනුම් සීමාව වෙත තල්ලූ කරගෙන යාමෙනි. 


අනතුරුව 22 වැනි මිනිත්තුවේ දී සිය කී‍්‍රඩකයන් 13 දෙනකුගෙන් සමන්විත ස්ක‍්‍රම් පොදියක් ප‍්‍රතිවාදීන්ගේ සීමා ඉර වෙත ඇදගෙන යාමට ජපාන කී‍්‍රඩකයෝ සමත්වූහ. එහෙත්  ස්ක‍්‍රම් පොදියේ පිහිටෙන් ලැබූ උත්සාහක දිනුම තරග තීරකවරයා ප‍්‍රතික්ෂේප කළේ ටී.එම්. ඕ. (රූපවාහිනී තරග නිලධාරියාගේ) සහයෙනි. 
එහෙත් ඊට මිනිත්තු 7 කට පසුව  නායක මයිකල් ලීච් තැබූ විශිෂ්ට උත්සාහක දිනුම ප‍්‍රංශ ජාතික තරග තීරක ජෙරොම් ගාර්සෙස් පිළිගත් නිසා යළි ලකුණු 10-7 කින් පෙරමුණ ගැනීමට ජපානයට හැකිවිය. 


කෙසේ වෙතත් තරගයේ පළමුභාගය නිමාවීමට පෙර උත්සාහක දිනුමක් වාර්තා කරමින් ලකුණු 12-10 කින් දකුණු අපි‍්‍රකානුවන් ඉහළට ඔසවා තැබීමට බිස්මාක් ඩුප්ලෙසිස් සමත්විය.


ආරම්භක තරගය ජපාන රග්බි ඉතිහාසයේ සදානුස්මරණීය තරගයක් කරවන බවට පසුගිය සතිය අතරතුර ජපාන පුහුණුකරු ජෝන්ස් දුන් පොරොන්දුව ඒ අයුරින්ම ඉටුවූයේ තරගයේ පළමු නලා හඩ ඇසුණු මොහොතේ සිටම  සිය සටන්කාමී කී‍්‍රඩා රටාවේ පිහිටෙන් ආරක්ෂාවීමත්, ආක‍්‍රමණයත් දෙකම එකවිට කි‍්‍රයාත්මක කළ නිසාය. 


දකුණු අප‍්‍රිකානුවන් ඇඳ බැඳ තබාගැනීමට ජපනුන් සමත් වූයේ කපා බිම හෙළන කෙසෙල් කඳක් මෙන් ප‍්‍රතිවාදියා සහමුලින්ම බිමට ඇද දමන ‘චොප් ටැකල්’ ක‍්‍රමයෙනි. නොඑසේ නම් ජපනුන්ට වන්නේ කවුරුත් බලාපොරොත්තු වූ පරිදි දකුණු අප‍්‍රිකානුවන්ගේ දෙගොඩ තළා යන උත්සාහක දිනුම් වරුසාවට තෙමෙන්නටය. 

 

දකුණු අපි‍්‍රකා - ජපාන රග්බි තරගය

ඡායාරූප - ඒ. එෆ්. පී. අනුග්‍රහයෙනි


අදහස් (0)

හෙස්කෙත් ‘ස්පි‍්‍රංබොක්ලා’ අන්ද මන්ද කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.