Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු සත් සාමාජික රග්බි තරගාවලි මාලාවේ තෙවැනි සහ අවසන් අදියර වන කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී පැවැත්වෙන තරගාවලියේ දෙවැනි දිනය වන අද (14) පස්වරුවේදී ශ්‍රී ලංකා ලකුණු 12-21 කින් පරාජය කිරීමට හොං කොං ක්‍රීඩකයෝ සමත් වූහ.
තරගයේ ආරම්භයේ සිටම ග්‍රහණය දැඩිකළ හොං කොං ක්‍රීඩකයෝ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 14-7 ක් ලෙස පෙරමුණ ගත්හ.
ශ්‍රී ලංකා පිල වෙනුවෙන් කෙවින් ඩික්සන් සහ රීසා රෆයිඩීන් උත්සාහක දිනුම බැගින් සම්පූර්ණ කළහ. සුදම් සූරිආරච්චි ගෝල ප්‍රවර්ථනය සාර්ථක කළේය. මෙම පරාජයත් සමඟ ශ්‍රී ලංකා පිල ‘බී’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්වෙමින් ප්‍රබල ජපන් පිලට එරෙහිව කුසලාන ශූරතා අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීය.
ශ්‍රී ලංකාව සහ ජපානය අතර තරගය අද පස්වරු 3.22 ක පැවැත්වීමට නියමිතය.
දෙවැනි අවසන් පූර්ව තරගය හොංකොං සහ පිලිපීනය අතර පැවැත්වීමට නියමිතය.
අද පස්වරුවේදී පැවැති පළඟ ශූරතා අවසන් පූර්ව තරගයේදී ලකුණු 40-0 කින් සිංගප්පූරුව පරාජය කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ‘පළඟ’ ශූරතා අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය.
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද පෙරවරුවේ සහභාගි වූ පළමු වටයේ අවසන් තරගයේදී ප්‍රබල ජපන් පිල හමුවේ ලකුණු 0-27 කින් පරාජය වූහ.
ශ්‍රී ලංකාව සහ ජපානය අතර පැවැති කාන්තා රග්බි තරගයෙන් ....
ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර පැවැති කාන්තා රග්බි තරගයෙන් ....
ඡායාරූප - ළහිරු හර්ෂණ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.