Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner හොං කොං කී‍්‍රඩිකාවන් හමුවේ හොඳ සටනක්

හොං කොං කී‍්‍රඩිකාවන් හමුවේ හොඳ සටනක්

ශනුක අරවින්ද - 2016 ඔක් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවේ තුන්වැනි සහ අවසන් අදියර ලෙස අද උදෑසන කොළඹ පැරැණි තුරග තරග පිටියේ දී ආරම්භ වූ ශී‍්‍ර ලංකා සත් සාමාජික රග්බි තරගාවලියේ කාන්තා තරගයකදී හොං කොං පිල හමුවේ කළ තියුණු සටනකින් පසුව ලකුණු 12-17ක පරාජයක් අත්විඳීමට ශී‍්‍ර ලංකා කී‍්‍රඩිකාවන්ට සිදුවිය.

‘සී‘ කාණ්ඩයේ තරගයක් ලෙස පැවැති මේ තරගයේ ආරම්භයේ සිටම විස්මිත කී‍්‍රඩා රටාවක නිරතවූ ශී‍්‍ර ලංකා කී‍්‍රඩිකාවෝ පළමු මිනිත්තු කිහිපයේදී ලකුණු 7-0 කින් පෙරමුණ ගැනීම කැපී පෙනුණි.

තරගයේ දෙවැනි මිනිත්තුවේදීම හිටපු නායිකා තනූජා දිල්රුක්ෂි තැබූ අගනා උත්සාහක දිනුමක් ගෝලයක් බවට පත් කළ අයේෂා කලූආරච්චි ශී‍්‍ර ලංකා පිල ඉහළට ඔසවා තැබුවාය. එහෙත් පළමු භාගය නිමාවීමට පෙර කා යැං චොං තැබූ උත්සාහක දිනුමකින් පසුව එය ප‍්‍රවර්ථනය කරගැනීම සඳහා ගෝල් කණුවට ඉහළින් ගැසූ කොලින් ජොස්වර්ල්ඞ්ගේ පා පහර සාර්ථක වූයෙන් දෙපිලේ ලකුණු සංඛ්‍යාව 7-7 ක් ලෙසින් සමවිය.

දෙවැනි භාගයේ දී දෙපිලම කරට කර සටනක නිරතවූ අතර ඇන්ඩිරනි ගාවේ තැබූ උත්සාහක දිනුමකින් ලකුණු 12-7 කින් පෙරමුණ ගැනීමට හොං කොං පිල සමත්විය. එහෙත් ප‍්‍රතිවාදී පිලට දැඩි අභියෝගයක් එල්ල කළ ශී‍්‍ර ලංකා කණ්ඩායම ඊට මොහොතකට පසුව ලකුණු සංඛ්‍යාව 12-12 කින් සමකර ගත්තේ දුලානී පල්ලිකොන්දගේ තැබූ අනගි උත්සාහක දිනුමකිනි.

එහෙත් තරගය නිමාවට පෙර හොංකොං කණ්ඩායමට ජයග‍්‍රාහී උත්සාහක දිනුම ලබාදීමට කා මැන් නාම්  සමත්වූවාය.

අද උදෑසන පැවැති කාන්තා තරගවලදී දකුණු කොරියාව ලකුණු 36-0 කින් පරාජය කිරිමට ජපාන කී‍්‍රඩිකාවන් සමත්වූ අතර ලකුණු 31-0 කින් ඉන්දිය පිල පරාජය කිරීමට තායිලන්තය සමත්විය.

චීනය හා සිංගප්පූරුව අතර පැවැති තරගය ලකුණු 43-0කින් චීන කී‍්‍රඩිකාවෝ ජයගත්හ.

 

- 066

 


අදහස් (0)

හොං කොං කී‍්‍රඩිකාවන් හමුවේ හොඳ සටනක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.