Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner හොං කොං පිල නැවතත් හරහට හිටී

හොං කොං පිල නැවතත් හරහට හිටී

සංජය එරමුදුගොඩ - 2016 සැප් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු රග්බි ශූරතාවලියේ දෙවැනි අදියර ලෙස අද (25) දකුණු කොරියාවේ නැම්ඩොංන්ග්  ක්‍රීඩාංගණයේ දී නිමාවට පත්වූ දකුණු කොරියානු සත් සාමාජික රග්බි තරගාවලියේ කුසලාන වටයේ අවසන් මහා තරගයෙන් හොං කොං පිල හමුවේ ලකුණු 0-36 කින් පරාජයට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායම පිට පිට දෙවැනි වරටත් අනුශූරයන් වෙමින් සෑහීමකට පත්විය. කෙසේ වෙතත් සමස්ත ශූරතාවලියේ දෙවැනි ස්ථානය රැක ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

ආසියානු සත් සාමාජික රග්බි තරග ඉතිහාසයේ කුසලාන වටයේ අවසන් මහා තරගයට ශ්‍රී ලංකාව එක්වූ දෙවැනි අවස්ථාව මෙය වූ අතර මීට පෙර පසුගියදා හොංකොං හී දී නිමාවට පත්වූ පළමු අදියරේ තරගාවලියේදීත් කුසලාන වටයේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා පිල සමත් විය. එහිදී ද ශ්‍රී ලංකා පිල දෙවැනි වූයේ හොං කොං පිල ඉදිරියේ වීම කැපී පෙනුණි.

නැම්ඩොන්ග් ක්‍රීඩාංගණයේදී ඊයේ (24 වැනිදා) ආරම්භ වූ මේ තරගාවලියේ දී ‘බී‘ කාණ්ඩයෙන් එක්වූ ශ්‍රී ලංකාව එහි දී සිංගප්පූරුව සහ මැලේසියාව පරදවා කුසලාන වටයට එක්විය. අද උදෑසන සත්කාරක දකුණු කොරියාව සමග පැවැති කුසලාන වටයේ අවසන් පූර්ව තරගයෙන් ලකුණු 26--10 ක ජයක් වාර්තා කරමින් ශ්‍රී ලංකාව අවසන් තරගයට එක්විය.

එහි දී සාලිය හඳපාන්ගොඩ උත්සාහක දිනුම් 2 ක් වාර්තා කළ අතර දනූෂ දයාන් සහ නායක ධනුෂ්ක රන්ජන් උත්සාහක දිනුම බැගින් තැබූහ. හිරන්ත පෙරේරා, නායක ධනුෂ්ක රන්ජන් සහ තරින්ද රත්වත්ත උත්සාහක දිනුම් ගෝල බවට පත්කළහ.

මෙම තරගාවලියේ සාර්ථකම ශ්‍රී ලංකා ක්‍රීඩකයා වූ ධනුෂ්ක රන්ජන් උත්සාහක දිනුම් 4 ක් තබා එක ප්‍රවර්ථනයක්ද සාර්ථක කරගනිමින් ලකුණු 22 ක් ලබාගැනීමට සමත් විය. තරගාවලියේ වැඩිම පෞද්ගලික ලකුණු ලබාගත් ක්‍රීඩකයන් අතර රන්ජන්ට 8 වැනි ස්ථානය හිමිව තිබේ.

හොංකොං පිල අවසන් තරගයට එක්වූයේ ලකුණු 29-0 කින් චීනය පරාජයට පත් කරමිනි.
මෙවර තරගාවලියේ පළඟ ශූරයන් බවට පත්වූයේ ලකුණු 21-17කින් චීන තායිපේ පිල පරාජය කළ මැලේසියාවටය. ලකුණු 29-12කින් චීනය පරාජය කළ සත්කාරක දකුණු කොරියාවට මෙවර තරගාවලියේ හිමිවූයේ තුන්වැනි තැනය.

ආසියානු සත් සාමාජික රග්බි ශූරතාවලියේ අවසන් අදියරේ තරගාවලිය ඔක්තෝබර් මස 15 සහ 16 කොළඹ දී පැවැත්වේ.


- 077

 


අදහස් (0)

හොං කොං පිල නැවතත් හරහට හිටී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.