Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ෆිජී කණ්ඩායමට එරෙහිව ලකුණු 35 - 11ක ප‍්‍රබල ජයග‍්‍රහණයක් වාර්තා කරමින් ලන්ඩනයේ ට්විකන්හැම් කී‍්‍රඩාංගණයේ දී ඊයේ රාත‍්‍රී ආරම්භ වූ රග්බි ලෝක කුසලාන තරගමාලාවට කදිම ප‍්‍රවේශයක් ලබා ගත් සත්කාරක එංගලන්තය ඊළගට තරග කිරීමට නියමිත ඕස්ටේ‍්‍රලියාවට සහ වේල්සයට සිය කී‍්‍රඩකයන්ගේ ලේ සුවඳ හොඳින් දැනෙන්නට ඉඩ හැරියේය.
පිටිය සිසාරා නින්නාද දෙන්නට ගත් 80,000 කට අධික කී‍්‍රඩාලෝලීන් පිරිසකගේ ගෙරවුම් හඩත්, පොද වැස්සත් මැද ආරම්භ වූ මේ තරගයේ දෙවැනි මිනිත්තුවේ දීම එංගලන්තය ලකුණු 3-0 කින් පෙරමුණ ගත්තේ ෆිජී කී‍්‍රඩකයන් ස්ක‍්‍රම් පොදියක් අනවශ්‍ය පරිදි කඩා බිඳ දැමීම නිසා ලද දඩුවම් පහරෙනි. ජෝර්ජ් ෆෝඞ්ගේ දර්ශනීය පා පහරින් දඩුවම් පහර සම්පූර්ණ කරගැනීමෙන් පසුව තවත් මිනිත්තු දහයක් යනතුරු ෆිජී කී‍්‍රඩකයන්ගෙන් එංගලන්තයට කිසිදු බුරුළක් ලැබුණේම නැත.
තරගයේ 12 වැනි මිනිත්තුවේ දී මෙවර තරගමාලාවේ පළමු දඩුවම් ගෝලය වාර්තා කිරීමට එංගලන්තය සමත්විය. එය සිදුවූයේ එංගලන්ත පිලේ කී‍්‍රඩකයන් කුලූගෙඩියක් මෙන් ප‍්‍රතිවාදීන්ගේ ආරක්ෂක වළල්ල බිඳගෙන ඉදිරියට යන්නට පන්දුව අතැතිව එකපොදියට පෙරළෙන්නට පටන්ගැනීමත් සමගය.
සිය සීමාව වෙත පෙරළෙමින් එන එංගලන්ත කී‍්‍රඩක පොදිය කඩා බිඳ දැමීමට ෆිජී කී‍්‍රඩකයන් නිරතවූ දැඩි සටනක කෙළවර වූයේ නිකෝලා මටවලූගේ නීතිවිරෝධි හැසිරීමකිනි. එය තරගමාලාවේ පළමු උත්සාහක දිනුමේ දඩුවම බවට පත් කිරීමට දකුණු අපි‍්‍රකානු තරග තීරක ජැකෝ පේපර් මහතා තීරණය කළේය.
එම අවස්ථාවෙන් උපරිම ප‍්‍රයේජන ගත් ජෝර්ජ් ෆෝඞ්, කිසි කරදරයකින් තොරවම එය ගෝලයක් බවට පත් කරමින් එංගලන්ත පිලේ මුලූ ලකුණු සංඛ්‍යාව 10-0 දක්වා ඉහළ දමද්දී තරග තීරකවරයා මේ සිදුවීමට මුල් වූ ඩොමිනිකියෝ වකනිබුරොටු පිටියෙන් ඉවතට දමා අවසන්ය.
අනතුරුව 21 වැනි මිනිත්තුවේ දී ජොනතන් ජෝශප් ලබා දුන් පන්දුව රැුගෙන ඉතා ප‍්‍රවේශමෙන් ෆිජී කී‍්‍රඩකයන්ගේ ආරක්ෂක වළල්ල අතරින් වේගයෙන් දිව ගිය මයික් බ‍්‍රවුන් තැබූ උත්සාහක දිනුම කී‍්‍රඩාලෝලීන් අමන්දානන්දයට පත් කළ එකක් විය. ෆෝඞ්ට එය ගෝලයක් බවට පත් කිරීමට නොහැකි වූවත් ලකුණු 15-0 කින් ඉදිරියට යාමට එංගලන්තයට හැකිවිය.
කෙසේවුවත් ආවේනික රග්බි කී‍්‍රඩා රටාවකින් හෙබි ෆිජී කී‍්‍රඩකයන්ගේ සටන්කාමීත්වය එංගලන්ත පිල තරමක දෙගිඩියාවට පත් කළ එකක් විය. එහෙත් ඕනෑවට වඩා බරපතල ලෙස තරගයට අවතීර්ණ වී ප‍්‍රතිවාදී කී‍්‍රඩකයන් දැඩි වේදනාවට පත් කරමින් පන්දුව උදුරාගත් අවස්ථා ගණනාවකදීම ඔවුන්ට සිදුවූයේ තරග තීරකවරයාගේ උදහසට ලක්වීමටය.
ෆිජී කී‍්‍රඩකයන්ගේ ලකුණු ලබාගැනීම ආරම්භ වූයේ තරගයේ 29 වැනි මිනිත්තුවේදීය. එය තබනු ලැබුවේ එංගලන්ත කී‍්‍රඩකයන්ගේ ස්ක‍්‍රම් පොදිය බිඳ දමමින් පන්දුව සුරැුකිව ඩැහැගත් නඩෝලෝ නසිගනියාවි විසිනි. පසුව එය තරගය පුරා ෆිජී කණ්ඩායමෙන් වාර්තා වූ එකම උත්සාහක දිනුම බවට පත්වීම වෙනම කාරණාවකි.
පළමු භාගය නිමාවීමට මොහොතකට පෙර ෆෝඞ් තමාට ලැබුණු දඩුවම් පහරක අවස්ථාව යළිත් සාර්ථක කරගනිමින් ලකුණු සංඛ්‍යාව 18 - 5 කින් ඉහළ දැමූ අතර ඊට මිනිත්තු දෙකකට පසුව තරගයේ පළමුවරට දඩුවම් පහරක රසය එංගලන්තයට ලබාදෙමින් නසිගනියාවි දඩුවම් පහරක් සාර්ථක කරගත්තද එංගලන්තයට වැඩි ගෞරවය ලබාදෙමින් ලකුණු 18-8 ක් ලෙස පළමු භාගය නිමාවට පත්විය.
තරගයේ දෙවැනි භාගයේ මුල් මිනිත්තු විස්සම ගෙවී ගියේ පන්දුව දෙපිල අතර හුවමාරු වීමට ඉඩ හරිමිනි. එය ෆිජී පිලේ වාසියට හිටියේ 63 වැනි මිනිත්තුවේදීය.
බෙන් වලාවොලාගේ සාර්ථක දඩුවම් පහරින් ලකුණු සංඛ්‍යාවේ පරතරය 18-11 කින් අඩුකර ගත් ෆිජී කී‍්‍රඩකයන්ට තවත් මිනිත්තු 4 කට පසුව එංගලන්තයේ ඕවන් ෆැරල් ද`ඩුවම් පහරකින් පිළිතුරු දුන්නේය. එංගලන්ත කඳවුරේ කැපී පෙනෙන කී‍්‍රඩකයා බවට පත්වූ 30 හැවිරිදි ෆුල්බෑක් කී‍්‍රඩක ෆෝඞ් තරගයේ සිය දෙවැනි උත්සාහක දිනුම වාර්තා කළේ ඉන් පසුවය. 71 වැනි මිනිත්තුවේ දී ෆෝඞ් විසින් තබන ලද එම උත්සාහක දිනුම ගෝලයක් බවට පත් කරනු ලැබුවේ ෆැරල් විසිනි.
ඒ වන විට එංගලන්ත පිල ෆීජි කී‍්‍රඩකයන්ට කිට්ටු වෙන්නට බැරි තරමට ලකුණු 28 - 11 කින් ඉදිරියෙන් සිටියේය.
එංගලන්තයට ප‍්‍රසාද ලකුණක තෑග්ග ලැබුණු උත්සාහක දිනුම වාර්තා කළේ අන්තිම මිනිත්තු දහයේ දී අතිරේක කී‍්‍රඩකයකු ලෙස පිටියට පැමිණි බිලී වුනිපෝලාය. තරගයේ 80 වැනි මිනිත්තුවේදී ඔහු තැබූ විශිෂ්ට උත්සාහක දිනුම ෆැරල්ගේ මනරම් පා පහරින් ගෝලයක් බවට පත්කරද්දීත් ෆිජී කණ්ඩායම රැඳී සිටියේ ලකුණු 11 මය.
එංගලන්ත - ෆිජි රග්බි තරගයේ විශේෂ අවස්ථා ...
(ඡායාරූප - ඒ.එෆ්.පී අනුග්‍රහයෙනි)
- 077
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.