Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner ‘ජනාධිපති කුසලාන’ තරගාවලිය හෙට සිට

‘ජනාධිපති කුසලාන’ තරගාවලිය හෙට සිට

සංජය එරමුදුගොඩ - 2016 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සහ නෙස්ලේ ලංකා සමාගම (මයිලෝ) එක්ව සංවිධානය කරන අන්තර් පාසල් වයස 20 න් පහළ ‘ජනාධිපති කුසලාන’ පිළිමළුන් පිටු දැකීමේ රග්බි තරගාවලිය හෙට (25 වැනිදා) ආරම්භ වේ. මෙම තරගාවලියට සමගාමීව ‘අගමැති කුසලාන’ සහ ‘සභාපති කුසලාන’ රග්බි තරගාවලිය දෙක ද මෙවර පැවැත්වේ.

මෙවර තරගාවලියට ලීග් ශූරයන් වූ කොළඹ ඉසිපතන විදුහල, අනු ශූරයන් වූ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල, තෙවැනි ස්ථානයට පත්වූ කොළඹ රාජකීය විදුහල, බම්බලපිටිය ශාන්ත පීතර විදුහල, කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල, වෙස්ලි විදුහල, මරදාන සහිරා විදුහල සහ කොළඹ ඩී. එස්. සේනානායක විදුහල සහභාගි වෙයි.

‘ජනාධිපති කුසලාන’ තරගාවලිය ආරම්භ කරමින් ඉසිපතන විදුහල සහ ඩී. එස්. සේනානායක විදුහල අතර තරගය කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී හෙට (25) පැවැත්වේ.

අවසන් පූර්ව තරග ජූලි මස 2 වැනිදා සහ 3 වැනිදා ද, අවසන් මහ තරගය ජූලි මස 9 වැනිදා ද, රාජකීය විදුහල් රග්බි පිටියේදී පැවැත්වීමට නියමිතය.  

ජනාධිපති කුසලාන තරගාවලිය 1995 වසරේ ආරම්භ කළ අතර ඉසිපතන විදුහල ශූරතා 6 ක් දින ගනිමින් වැඩිම ශූරතා දිනාගත් පාසල බවට පත්ව සිටියි.

නෙස්ලේ ලංකා සමාගමේ ‘මයිලෝ’ මෙම වසර වන විට වසර 24 ක කාලයක් පාසල් රග්බි තරගාවලි සඳහා අනුග්‍රහය පිරිනමා තිබේ.


ජනාධිපති කුසලාන තරගාවලියේ තරග කාලසටහන

● ජූනි 25 - ඉසිපතන විදුහල සහ ඩී. එස්. සේනානායක විදුහල අතර රාජකීය විදුහල් රග්බි පිටියේදී (ප.ව. 4.30)
● ජූනි 26 - ශාන්ත පීතර විදුහල සහ ශාන්ත අන්තෝනි විදුහල අතර රාජකීය විදුහල් රග්බි පිටියේදී (ප.ව. 4.30)
● ජූනි 27 - රාජකීය විදුහල සහ වෙස්ලි විදුහල අතර රාජකීය විදුහල් රග්බි පිටියේදී (ප.ව. 4.30)
● ජූනි 28 - සාන්ත තෝමස් විදුහල සහ සහිරා විදුහල අතර රාජකීය විදුහල් රග්බි පිටියේදී (ප.ව. 4.30)

 


අදහස් (0)

‘ජනාධිපති කුසලාන’ තරගාවලිය හෙට සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.