Last Update  :  2024-12-22 20:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School අවසන් පිතිකරුවන්ගේ උත්සාහය අපතේ යයි

අවසන් පිතිකරුවන්ගේ උත්සාහය අපතේ යයි

ශානුක අරවින්ද - 2021 අප්‍රේ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ මහානාම විදුහල අද (20 වැනිදා) සමත් විය. කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලට එරෙහිව ලකුණු 38 ක ජයක් අත්කර ගනිමින් මහානාම ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුහ. 

ලකුණු 155 ක ඉලක්කයක් කරා යමින් සිටි ශාන්ත අන්තෝනි විදුහල් ඉනිමේ කඩුලු 9 ක්ම ලකුණු 59 ක් තුළ දැවී ගියේය. එහෙත් අටවැනි පිතිකරුවා වූ අංජල බණ්ඩාර (44) සහ අවසන් පිතිකරුවා වූ නිම්නක ජයතිලක (නොදැවී 14) එක්ව අවසන් කඩුල්ල වෙනුවෙන් පන්දු 168 කදී ලකුණු 57 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් ශාන්ත අන්තෝනි විදුහල ජයග්‍රහණය කරා ගෙන යෑමට උත්සාහ කළද එය අසාර්ථක වූයේ දිගු ඉනිමකට පසුව බණ්ඩාර දැවී ගිය හෙයිනි. 

සම්පත් නිශ්ශංක (36/4) වඩාත්ම සාර්ථක පන්දු යවන්නා වූ අතර සෙතුම් කෙනුල සහ සදිෂාන් චමෝද්‍ය කඩුලු 2 බැගින් බිඳහෙළමින් ශාන්ත අන්තෝනි ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා සම්පත්ට අනගි සහායක් දුන්හ. 

කාසියේ වාසිය දිනූ ශාන්ත අන්තෝනි විදුහලේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් මහානාම විදුහල ඕවර 46.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 154 ක් රැස්කළ අතර එහිදී අර්ධ ශතකයක් ලබාගැනීමට සචිර වැලිවත්ත (50) සමත් විය. 

මහානාම විදුහල - ඕවර 46.4 කදී සියලු දෙනා දැවී 154 
(සචිර වැලිවත්ත 50, ධනංජ සඳලිදු 27, අචින්ත සුපුන් 24, සවිඳු කාවින්ද 22, දිව්යේෂ් රාමයියා 19/3, චමිඳු වික්‍රමසිංහ 21/2, තරිඳු ලමාහේවගේ 37/2)

ශාන්ත අන්තෝනි විදුහල - ඕවර 44.4 කදී සියලු දෙනා දැවී 116
(ළහිරු අබේසිංහ 17, අංජල බණ්ඩාර 44, නිම්නක ජයතිලක නොදැවී 14, සම්පත් නිශ්ෂංක 36/4, සෙතුම් කෙනුල 22/2, සදිෂාන් චමෝද්‍ය 22/2) 

 


අදහස් (0)

අවසන් පිතිකරුවන්ගේ උත්සාහය අපතේ යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.