Last Update  :  2024-12-22 20:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School අහන් රාජකීය පිල අ. පූර්ව වටයට ගෙනෙයි

අහන් රාජකීය පිල අ. පූර්ව වටයට ගෙනෙයි

editorial - 2021 අප්‍රේ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

---------------------
ශානුක අරවින්ද
---------------------

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ රාජකීය විදුහල අද (19 වැනිදා) සමත් විය. ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ක්‍රිඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී කොළඹ නාලන්දා විදුහලට එරෙහිව කඩුලු 6 ක ජයක් වාර්තා කරමින් රාජකීයයෝ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුහ.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ අහන් වික්‍රමසිංහ පන්දු 79 කදී නොදැවී ලකුණු 71 ක් රැස්කරමින් ජයග්‍රහණයේ නියමුවා බවට පත් විය. මෙම තරගාවලියේ තරග 6 කදී ලකුණු 400 සීමාව පසුකර ගිය පළමු පිතිකරුවා බවට පත්වීමට අහන් මෙම තරගයේදී සමත් විය.

සිනෙත් ලක්වන් (60) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 55 කදී ලකුණු 44 ක සම්බන්ධතාවක් ගොඩනැගූ අහන්, ඉන් නොනැවතී දසිස් මංචනායක (23) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 78 කදී ලකුණු 64 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් රාජයකීය විදුහල ජයග්‍රහණය කරා ගෙන ගියේය.


නාලන්දා විදුහල - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 189
(රවීන් ද සිල්වා නොදැවී 59, නදිල් ජයකොඩි 32, රෂාන් දිසානායක 30, විනුජ රන්පුල් 22, දසිස් මංචනායක 17/3)

රාජකීය විදුහල - ඕවර 39 කදී කඩුලු 4 ක්  දැවී 191
(අහන් වික්‍රමසිංහ නොදැවී 71, සිනෙත් ලක්වන් 60, දසිස් මංචනායක 23, ඉසිවර දිසානායක 21, දිනෙත් සමරවීර 32/2)

-036

 


අදහස් (0)

අහන් රාජකීය පිල අ. පූර්ව වටයට ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.