Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ආනන්ද සාස්ත්‍රාලය මුල් ඉනිමේ ජයක් ලබයි

ආනන්ද සාස්ත්‍රාලය මුල් ඉනිමේ ජයක් ලබයි

editorial - 2020 පෙබ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කෝට්ටේ ආනන්ද සාස්ත්‍රාලය සහ වත්තල ශාන්ත ජෝෂප් විදුහල අතර ගොඩිගමුව ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ආනන්ද සාස්ත්‍රාලය සමත් විය.

එහිදී ආනන්ද සාස්ත්‍රාලයේ ධනජ සඳලිඳු (73), හසිත් හංසිඳු (නොදැවී 65), දුලංජ පැහැසර (60) සහ හසිත් හසිඳු (58) අර්ධ ශතක ලබාගත් අතර එම විදුහලේම වෙනුක් හෙට්ටිආරච්චි ලකුණු 32 කට කඩුලු 5 ක් දවාගත්තේය.

ආනන්ද සාස්ත්‍රාල පළමු ඉනිම - ඕවර 82.2 කදී සියලු දෙනා දැවී 270
(ධනජ සඳලිඳු 73, හසිත් හංසිඳු නොදැවී 65, දුලංජ පැහැසර 60, දලෂ් ගුණසේකර 108/4, ඉෂින ඩයස් 89/3, ඉසුරු පින්ටො 12/2)

ශාන්ත ජෝශප් විදුහල් පළමු ඉනිම - ඕවර 47.5 කදී සියලු දෙනා දැවී 132
(ඉසුරු පින්ටො 34, නිකලො ෂෙරෝන් නොදැවී 37, වෙනුක් හෙට්ටිආරච්චි 32/5)

ආනන්ද සාස්ත්‍රාල දෙවැනි ඉනිම - ඕවර 65.1 කදී කඩුලු 8 ක් දැවී 253
(හසිත් හසිඳු 58, අහිලාෂ් වෙල්ලාලගේ 47, ආශේන් ඉසිස්‍ර 32, දුලංජන පැහැසර 29, ධනජ සඳලිඳු 28, ඉසුරු පින්ටො 81/4, ඩලස් ගුණසේකර 85/3)

-036


අදහස් (0)

ආනන්ද සාස්ත්‍රාලය මුල් ඉනිමේ ජයක් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.