Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School කවිඳු ඉසිපතනය අවසන් පූර්ව වටයට ගෙන යයි

කවිඳු ඉසිපතනය අවසන් පූර්ව වටයට ගෙන යයි

editorial - 2022 අප්‍රේ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ ‘බී’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ ඉසිපතන විදුහල සමත් විය.
 
මරදාන ශාන්ත ජෝෂප් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් අර්ධ අවසන් පූර්ව තරගයේදී මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහලට එරෙහිව ලකුණු 46 ක ජයක් වාර්තා කරමින් ඉසිපතන ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට පිවිසියහ.

එහිදී පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වූ ඉසිපතන විදුහලේ කවිඳු ආමන්ත ලකුණු 52 ක් රැස්කරමින් ලකුණු 38 කට කඩුලු 6 ක්ද දවාගත්තේය.


ඉසිපතන විදුහල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 210
(කවිඳු ආමන්ත 52, යසිත් කළුපහන 31, කෙවින් සැමුවෙල් නොදැවී 30, දිනුක අනූපම 21, අකිල වික්‍රමසිංහ 45/3, මලීෂ සිල්වා 44/2)

ශාන්ත සිල්වෙස්ටර් විදුහල - ඕවර 43 කදී සියලු දෙනා දැවී 164  
(ඉඳුවර කනක නොදැවී 54, මලීෂ සිල්වා 28, මලිත් ලක්ෂාන් 27, කවිඳු ආමන්ත 38/6, සිතුක ගුණවර්ධන 26/3)

-036

 


අදහස් (0)

කවිඳු ඉසිපතනය අවසන් පූර්ව වටයට ගෙන යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.