Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පළමු වටයේ තරග පහකින් සමන්විත අන්තර් පාසල් 19 න් පහළ එක්දින තරගාවලියේදී තරග හතරක් ජයග්‍රහණය කරමින් කළුතර විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටය සඳහා තේරී පත්වී ඇත. අර්ධ අවසන් පූර්ව තරගය කළුතර තිස්ස මධ්‍ය මහා විද‍්‍යාලයට එරෙහිව පැවැත්වීමට නියමිතය.
පළමු වටයේ තරග වලදී කළුතර විද්‍යාලය විසින් කළුතර සිරි කුරුස විද්‍යාලය (ලකුණු 6 කින්), මීගමුව ශාන්ත පීතර විද්‍යාලය (ලකුණු 99 කින්), යාපනය ශාන්ත ජෝන් විද්‍යාලය (කඩුලු 8 කින්) සහ අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය (ලකුණු 55 කින්) පරාජය කරන ලදි.
විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස දිලිප් ප්‍රසන්න මහතා කටයුතු කරන අතර වෝල්ටර් පෙරේරා මහතා කළුතර විද්‍යාලයේ ක්‍රීඩා භාර ආචාර්යවරයා ලෙසින් කටයුතු කරයි. එච්.ඩී දයාරත්න මහතා ක්‍රීඩා භාර නියෝජ්‍ය විදුහල්පති ලෙස කටයුතු කරයි.
විද්‍යාලයේ ක්‍රීඩකයින් සියලු දෙනාටම අනුග්‍රහය ලබා දෙන්නේ කළුතර විද්‍යාලයේ ක්‍රිකට් පදනම මගිනි.
කළුතර විද්‍යාලය ටී. එම්. ඩිල්ශාන් සහ පැතුම් නිශ්ශංක වැනි ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් බොහෝ දෙනෙක් බිහිකළ පාසලකි.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.