Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
කොළඹ වෙස්ලි විදුහල සහ කොටහේන ශාන්ත බෙනඩික් විදුහල අතර වෙස්ලි විදුහල් ක්‍රීඩාංගණයේදී දෙවැනි වරට පැවැති කාට්මන් කුසලාන වාර්ෂික මහ ක්‍රිකට් තරගය අද (26 වැනිදා) ජය පැරදුමෙන් තොරව නිමාවට පත් විය. එහිදී පළමු ඉනිමේ ජයක් ලැබූ ශාන්ත බෙනඩික් විදුහල් ක්‍රීඩකයෝ තරගයේ වැඩි ගෞරව හිමිකර ගත්හ.
තරගය නිමාවට පත්වන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි වෙස්ලි විදුහල කඩුලු 8 ක් දැවී ලකුණු 162 ක් ලබා සිටියේය. එහිදී ලකුණු 47 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට ශාන්ත බෙනඩික් විදුහලේ අෂේන් ද සොයිසා සමත් විය.
පළමු දිනය නිමාවට පත්වන විට කඩුලු 5 ක් දැවී ලකුණු 115 ක් ලබා සිටි ශාන්ත බෙනඩික් විදුහල, දෙවැනි දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 119 ක් එක්කර ගත්තේය. එහිදී ශාරුජන් ෂන්මුගනාතන් (82) සහ ඩිලාන් තාබෘ (56) අර්ධ ශතක ලබාගනිමින් බෙනඩික් පළමු ඉනිම සවිමත් කළහ.
වෙස්ලි විදුහල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ උවින් පෙරේරා ලකුණු 41 කට කඩුලු 4 ක් දවාගත් අතර බෙනඩික් විදුහල් පිතිකරුවන් පීඩනයට පත් කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් චමත් ගෝමස් ලකුණු 54 කට කඩුලු 2 ක් බිදහෙළුවේය.
වෙස්ලි විදුහල් පළමු ඉනිම - ඕවර 65 කදී කඩුලු 9 ක් දැවී 218
(ලිනාල් සුබසිංහ 34, අෂාන් ඉෂාර 31, චමත් ගෝමස් 30, සනිතු අමරසිංහ නොදැවී 27, සෙමිල ලියනගේ 25, උවින් පෙරේරා 24, ඩිලාන් තාබෘ 42/4, සචින් සේනානායක 29/2, චමත් චාතූර්ය 50/2)
ශාන්ත බෙනඩික් විදුහල් පළමු ඉනිම - ඕවර 64 කදී සියලු දෙනා 234
(ශාරුජන් ෂන්මුගනාතන් 82, ඩිලාන් තාබෘ 56, කෝජිත හිම්සර 26, ෂෙනෙල් සමරතුංග 25, උවින් පෙරේරා 41/4, චමත් ගෝමස් 54/2)
වෙස්ලි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 69 කදී කඩුලු 8 ක් දැවී 162
(සනිතු අමරසිංහ නොදැවී 30, අනුදිත් වික්‍රමසිංහ 30, චමත් ගෝමස් 25, අෂාන් ඉසිර 24, අෂේන් ද සොයිසා 47/5)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.