Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
කෑගල්ල ශාන්ත මරියා විදුහල සහ කෑගලු විද්‍යාලය අතර පැවැත්වෙන 40 වැනි කෑගලු රන් සටන වාර්ෂික මහ ක්‍රිකට් තරගයේ පළමු දිනය වූ අද (25 වැනිදා) නිමාවට පත්වන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි කෑගලු විද්‍යාලය කඩුල්ලක් දැවී ලකුණු 14 ක් ලබා සිටියේය.
කෑගල්ල මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ කෑගලු විද්‍යාලයේ දේෂාන් විමුක්ති සහ පසිඳු කල්හාර කඩුලු 4 බැගින් දවාගැනීමට සමත් වූහ. ශාන්ත මරියා විදුහල් පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ කුෂාන් භානුක (59) අර්ධ ශතකයක් ලබාගත්තේය.
හෙට (26 වැනිදා) තරගයේ දෙවැනි දිනයයි.
ශාන්ත මරියා විදුහල් පළමු ඉනිම - ඕවර 70.2 කදී සියලු දෙනා දැවී 193
(කුෂාන් භානුක 59, චමත් නිවන්තන 28, මලීෂ සේනානායක 27, පසිඳු කරුණාරත්න 20, දේෂාන් විමුක්ති 53/4, පසිඳු කල්හාර 79/4, විරාජ් සඳරුවන් 10/2)
කෑගලු විද්‍යාලයීය පළමු ඉනිම - ඕවර 6 කදී කඩුල්ලක් දැවී 14
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.